වයස අවුරුදු 14 ක් වන බාලවයස්කාර දැරියක් සමග පවුල් ජීවිතයක් ගෙන ගිය බව කියන 19 හැවිරිදි තරුණයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ජයබිම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුයි.
බාලවයස්කාර දැරිවියක් සමග තරුණයෙකු අඹු - සැමියන් ලෙස ජීවත් වන බවට ලද තොරතුරක් අනුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සම්බන්ධය දැරිවියගේ මව සහ මිත්තනිය දන්නා බවත් මීට මාස කීපයකට පෙර තමන් මෙම දැරිවියද රැගෙන නොච්චියාගම ප්‍රදේශයට ගොස් එතැන් සිට ඇය සමග අඹු - සැමියන් ලෙස ජීවත් වන බවද සැකකරු පොලීසියට පවසා තිබේ.
තවද, තමන් මේ වන විට පදිංචිව සිටින්නේ දැරිවියගේ මිත්තනිය විසින් ලබා දුන් ඇයට අයත් ඉඩමක තමන් විසින් සාදන ලද නිවසක බවද සැකකරු පවසා ඇත.
තමන් මෙම දැරිවිය සමග අඹු - සැමියන් ලෙස ජීවත් වන්නේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි නීතිඥ මහතෙකු ඉදිරියේ අත්සන් කරන ලද ගිවිසුමකට අනුව බවත්, එම ගිවිසුමට අනුව දැරිවියගේ වයස සම්පුර්ණ වන තුරු දරුවන් බිහි නොකිරීමටත්,වයස සම්පුර්ණ වීමෙන් පසුව විවාහය සිදු කිරීමටත් තමන් සහ දැරිවියගේ පාර්ශවය එකඟව සිටින බවද සැකකරු පොලීසියට පවසා ඇත.
සැකකරු විසින් සිදු කරන ලද එම ප්‍රකාශය සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමුවී තිබේ.
ඒ ආකාරයේ කිසිදු ගිවිසුමක් ඇති කරගෙන බාලවයස්කාර දැරිවියක් සමග අඹු - සැමි සම්බන්ධතා පැවැත්වීම නීති විරෝධී ක්‍රියාවක් බවත්,යම් ආකාරයකින් එවැනි ගිවිසුමක් ඇති කරගෙන තිබුණේ නම් ඊට අනුබල දුන් අයට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව මාදම්පේ පොලීසිය කියයි.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහල වෙතත්,සැකකරු හලාවත දිසා අධිකරණය වෙතත් ඉදිරිපත් කිරීමට නියමිතය. මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
0 comments:
Post a Comment