ඊයේ පස්වරුවේ සිට ක්රියාත්මක කළ දැවැන්ත මෙහෙයුමකින් පසුව බොස්ටන් ප්රහාරයේ දෙවැනි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
රොයිටර් පුවත් සේවය පැවසුවේ වෙඩි නොවදින ඇදුමින්, යුද ටැංකිවලින් සන්නද්ධ ආරක්ෂක භටයින් රැසක් මෙම මෙහෙයුමට සම්බන්ධ වූ බවය.ෙ
මේ අතර මැසචුසෙට්ස් ප්රාන්ත බලධාරින් නිවේදනය කළේ ප්රානතයේ ජනතාවට නිවෙස්වලම රැඳී සිටින ලෙස ලබා දුන් නියෝගය මේ වන විට ඉවත් කර ඇති බවය.
එසේම බොස්ටන් නගරයේ ඊයේ අත්හිට වූ පොදු ප්රවාහන සේවා ද යළි ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ.
බෝස්ටන් ප්රහාරයේ පළමු සැකකරු වන චෙච්නියානු සම්භවයක් සහිත 26 හැවිරිදි ටැමලන් සොරනෙව් ඊයේ පොලීසිය සමඟ ඇතිවු ගැටුම්වලදී ජිවිතක්ෂයට පත් විය.
අත්අඩංගුවටගත් අනෙක් සැකකරු වන්නේ ඔහුගේම සොහොයුරෙකු වන 19 හැවිරිදි ෂෝකර් ඒ සොරනෙව් නැමැත්තා ය.
මේ අතර බොස්ටන්හි පිහිටි මෙම සැකකරුවන්ගේ සොහොයුරියගේ නිවස ද එෆ්.බි.අයි. නිලධාරින් විසින් වටලනු ලැබ තිබේ.
ඔවුන් පැවසුවේ මේ මෙහෙයුමේදි නිවසේ තිබු පරිගණක යන්ත්රයක් සිය භාරයට ගත් බවය.
මේ අතර රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින්, අමෙරිකානු ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ අමතමින් බෝස්ටන් ප්රහාරය සම්බන්ධයෙන් අදහස් හුවමාරුකර ගෙන තිබේ.
එහිදි සිද්ධියෙන් මියගියවුන්ට ශෝකය පළකරමින් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ත්රස්තවාදයට එරෙහි සටන සඳහා සහය දෙන බවය.
බොස්ටන් ප්රහාරයේ සැකකරුවන් දෙදෙනා මීට දශකයකට පමණ පෙර රුසියාවේ දගෙස්ථාන් කලාපයේ වාසය කළ වාර්ගික චෙච්නියානු ජාතිකයින් දෙදෙනෙකි.
0 comments:
Post a Comment