-

-
  • home
Home » » වාසු තවත් කෙටුම්පතකට ඉදිරිපත් කිරීමට සැරැසෙයි

වාසු තවත් කෙටුම්පතකට ඉදිරිපත් කිරීමට සැරැසෙයි



ජාතීන් අතර වෛරය හා ක්‍රෝධය ඇති කරවන අන්දමේ කතා හා ප්‍රකාශ කිරීම අත්හිටුවීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අදාළව ජාතික භාෂා හා ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඊයේ ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කිරීමක් කොට තිබේ.

නානායක්කාර මහතා ජනාධිපතිවරයා හමුවී තිබෙන්නේ ඊයේ උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා සේවක මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති අලුත් අවුරුද්දට වැඩ පටන් ගැනීමට පෙර පැවැති සේවක හමුවේදීය.

තමා ඉදිරිපත් කරන්නට යන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ලබා දෙන්නැයි නානායක්කාර මහතා කළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟත්වය පළකොට දිනයක් ලබාදීමට කැමැත්ත පළකොට තිබේ.

යෝජිත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර අධිකරණ ඇමැතිවරයාද හමුවී සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව නානායක්කාර මහතා පැවැසීය.

වාසුදේව විසින් මීට පෙරද ජාතික ගීය භාෂෘ දෙකින් ගායනා කිරීමට අදාල කෙටුමි පතක්ද ඉදිරිපත් කොට තිබුනු අතර ජනපති මැදිහත් විමෙන් එය අහෝසි කර ඇත. 


1 comments: