Home »
» චර්නෝබිල් න්‍යෂ්ටික විකිරණ ශ‍්‍රී ලංකා පොළවෙත්
චර්නෝබිල් න්‍යෂ්ටික විකිරණ ශ‍්‍රී ලංකා පොළවෙත්
Posted by Unknown
Posted on Friday, April 19, 2013
with No comments
මීට වසර 30 කට පමණ පෙර යුක්රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ විශාල පිපිරීමෙන් මුදා හැරුණු විකිරණ ශ‍්‍රී ලංකා පොළොවේද දක්නට ලැබෙන බව දැන් අනාවරණය වී තිබෙනවා. මේ බව හෙළිවී ඇත්තේ පරමාණුක ශක්ති අධිකාරිය මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.1986 වර්ෂයේ අපේ‍්‍රල් 26 වැනිදා සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගියා. කෙසේ වෙතත් පසුව හෙළිවුණේ 4000 කට ආසන්න ප‍්‍රමාණයක් මියගොස් තවත් විශාල ප‍්‍රමාණයකට රෝගාබාධ ඇතිවූ බවයි. ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික බලාගාර අනතුර ලෙසද මෙය සැළකෙනවා. මින් මුදා හැරුණු විකිරණ බටහිර දිග රුසියාවේ සිට යුරෝපාකරයේ රටවල් රැසකට පැතිරුණා.
ෙකෙසේ වෙතත් මෙහි විකිරණ ශ‍්‍රී ලංකාවටද පැතිර ඇති බවට හෙළිවී ඇත්තේ දකුණු ඉන්දියාවේ ඉදිකර ඇති කූන්ඩන්කුලම් බලාගාරයේ අනතුරක් සිදුවුවහොත් මෙරටට පවතින අවදානම පිළිබඳව කළ පරීක්ෂණයකදියි. විකිරණ අනතුරක බලපෑම සොයාබැලීම සඳහා දැනට ශ‍්‍රී ලංකාවේ පවතින විකිරණ තත්ත්වයන් අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා දිවයින පුරා ස්ථාන 100කින් සාම්පල පරීක්ෂාවට ලක් වෙන අතර දැනට ඉන් 65 ක් පමණ පරීක්ෂා කොට තිබෙනවා.
0 comments:
Post a Comment