Home »
» ශ‍්‍රී ලංකාව ගැන මන්මෝහන් සිංට ලිපියක්.
ශ‍්‍රී ලංකාව ගැන මන්මෝහන් සිංට ලිපියක්.
Posted by Unknown
Posted on Saturday, April 20, 2013
with No comments
තමිල්නාඩුවේ දෙමළ ජාතික වෛද්‍යවරයෙකු ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. පී. සිවපාලන් නැමැති මෙම වෛද්‍යවරයා සිය ලිපියෙන් යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව ලබා ඇති නිදහස සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති බව සඳහන්. රටේ ඕනෑම තැනක නිදහසේ කටයුතු කිරීමේ හැකියාව මේ වන විට ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හිමිව තිබෙනවා. ඕනෑම වෘත්තීයක නියැලීමටත්, තමන් කැමැති මතයක් නියෝජනය කිරීමටත් ශ‍්‍රී ලංකා රජයේ පාලනය යටතේ දෙමළ ජනතාවට අවස්ථාව හිමි වී ඇති බව මෙම ලිපියෙහි තවදුරටත් සඳහන්. මීට අමතරව තමිල්නාඩු දේශපාලඥයන්ගේ ව්‍යාජ කි‍්‍රයාකලාපයන්ට නම්‍යශිලී නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සිවපාලන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා. යුද්ධයේ කුරිරුබව හොදින් හඳුනන දෙමළ ජාතිකයෙකු ලෙස තමන් මෙම ලිපිය යොමු කරන බවයි වෛද්‍ය සිවපාලන් එහි සඳහන් කර ඇත්තේ.
0 comments:
Post a Comment