-

-
  • home

16+ දැවැන්ත විරෝධයක් - සංස්කෘතියත් කයි




මේ දින වල සිරස රැපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වන 16+ නැමැති ළමයින් වෙනුවෙන් විකාශය කරනවා යැයි පවසන වැඩ සටහනට දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් පවති. සංස්කෘතිය පිළිබදව කිසිදු සොයා බැලිමකින් තොරව හැල්ලුවට ලක් කිරීම සදහා මෙම වැඩසටහන නිර්මාණය කලාදැයි එය නරඹන ඇතැමි අවස්ථාවල අපටද සිතේ. මන්ද යත් භාෂාව හැසිරවීම හා එහි ඉදිරිපත් කරන මියුසික් විඩියෝ වලද මෙම නොගැලපෙන තත්වය අපට පෙනේනට තිබු බැවිනි. ඉංග්‍රිසි හා සිංහල කවලමි භාෂාවෙන් ඉදිරිපත් කරන මෙම වැඩසටහන හුදෙක්ම ලාංකික සංස්කෘතියට බටහිර සංස්කෘතිය ඇැදැගැනීමට කරනා මෙහේයුමක් මෙන් හදුන්වා දුන්නාටද ගැටලුවක් නැත. 

විවිධ පුද්ගලයින් දුරථකථන මාර්ගයෙන් පවා මෙම වැඩසටහන විවෙිචනය කරනා අවස්ථාවට දැන් දැන් පත් වි තිබේ. ඇතැමි අවස්ථාවල ඔවුන් ප්‍රසිද්ධියේම හැල්ලුවට ලක් කල අවස්ථා ඇති අතර ඔවුන්ගේ වරද පෙන්වා දුන් අවස්ථාද දක්නට තිබුනි. එවැනි අවස්ථාවල ලාංකික ක්‍රමයට සිටිම යනු “ගොඩේ ක්‍රමටය සිටීම“ යැයි උපහාසාත්මකව ලංකික සංස්කෘතිව විවේචනය කිරීම පැහැදිලිවම අපටද දක්නට ලැබුනි. එසේ පැවසිමෙන් ගම්‍ය වන්නේ කුමක්ද ? කෙසේ වෙතත් බහුතර ප්‍රෙක්ෂක විරෝධයක් ඇති මෙම වැඩසටහන් තව දුරටත් පවත්වාගෙන යන්නේ ඇයිද යන්නද ගැටලුවකි. ලංකික රැපවාහිනි නාලිකාවක් ලෙස සිරස තව දුරටත් මෙවන් වැඩසටහන් විකාශය කරන්නේනමි එයට ජනතා විරෝධය එල්ල වීම පුදුමයට කරැණක් නොවේ. එබැවින් මෙවැනි හරසුන් වැඩසටහන් වෙනුවට ප්‍රෙයා්ජනවත් වැඩසටහනක් විකාශය කරන්නේනමි ගැටලුවක් නැත. එසේම මෙවැනි හරසුන් , සංස්කෘතිය විනාශ කරන්නාවු වැඩ සටහන් වෙත අද තරැණ පරපුරෙන්ම එකතුව ප්‍රදර්ශණය කරමින් දැවැත්ත විරෝධයන් එල්ල වීම සතුටට කරැණකි. මෙවැනි වැඩසටහන් තුලින් අපේ ළමයින්ගේ මනස විකෘති කිරීමට තවත් මෙවැනි රැපවාහිනි නාලිකා වලට ඉඩ දිය යුතුද ?