ශ්රී ලංකාව තුළ මුසල්මානු ආගම වන ඉස්ලාමි වෙනුවෙන් සටන් වදින අයි. එස්. අයි. එස්. ක්රියාකාරකම් දැන් දැන් රහසිගතව සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක් විසින් ශ්රී ලංකාවට දැනුම් දී තිබෙනවා. ශ්රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්. අයි. එස්. සංවිධානයට එක්වීම සඳහා සිරියාවට ගොස් ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත.
ශ්රී ලංකාව තුළ අයි. එස්. අයි. එස්. සංවිධානයට හිතවත් ත්රස්ත සානුකම්පිත පිරිස වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ විසින් ජනපතිවරයාට හා අගමැතිවරයාටද රහස් ලේඛනයක් මගින් දැනුම් දී ඇත.
බොහෝ දෙනා විශ්වාස කළේ අයි. එස්. අයි. එස්. සංවිධානයට සහය පළකරන පිරිස් නැගෙනහිර පළාතේ සිටින බවයි. නමුත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ අයි. එස්. අයි. එස්. හිතවාදීන් බිහිව ඇත්තේ කුරුණෑගල, නුවර, කොලොන්නාව හා දෙහිවලින් බවයි.