ෆොන්ටෙරා සමාගම විසින් ගෙන්වා බෙදාහරින ඇන්කර් කිරි පිටි වල අඩංගු විෂ හේතුවෙන් ඒවා ලබාගත් ළමුන් 3 දෙනෙක් රෝහල් ගත කිරිම මත මේවන විට ඇන්කර් කිරිපිටි කාණ්ඩ කිහිපයක් විකිණිම නැවැත්විමට සෞඛ්‍ය දෙපාර්තුමෙන්තුව නියෝග නිකුත් කර තිබේ. එම් කාණ්ඪ කිහිපය මේ වන විට රාසායනාගාර පරික්ෂණ කටයුතු සදහා යවා ඇති අතර එම වාර්ථා පැමිණෙන තෙක් මෙසේ විකිණිම නවත්වා තිබේ.
ඇන්කර් වල මීට පෙරද DCD විෂ රාසායනය අන්තර්ගත වීම හේතුවෙන් විකිණිම නවත්වා තිබු අතර ඒ සදහා ගෙන්වු රාසායනාගාර වාර්ථා වල එම පැහැදිලිවම සදහන් වෙද්දිත් ලොක්කන්ට ලබා දි ඇති අල්ලස් මත නැවත වෙළද පොළට නිකුත් කර තිබුනි. කෙසේ වුවද ප්‍රධාන වරද මෙවන් සිදුවිමි වන විට ඒවා නැවත නැවත මිලදි ගන්නා පාරිභොගිකයන්ගේය. මෙවැනි දේ සිදුවෙද්දිත් අපේ රටේ විෂ රහිත කිරිපිටි වර්ග නිශ්පාදනය වේද්දිත් බහුජාතික සමාගමි වලට කත් අදින්නට මෙවා හොද පාඩමිය. විකිණිම නැවැත්වීම සදහා නියෝග කර ලිපිය පහතින් දැක්වේ.