ඇමති එස්බී දිසානායක සොහොයුරු සාලිය දිසානායක හඟුරන්කෙත සී.සී. විද්‍යාලයට පිහියක් අතැතිව ඇතුලූවි ආවේගශීලීව හැසිරිම හේතුවෙන් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් මෙන්ම ආචාර්ය මණ්ඩලයද දැඞ් භීතියට පත්වූ බව වාර්ථා වේ.
සාලිය දිසානායක මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති සහ හඟුරන්කෙත ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධානයකද වේ.
විදුහලට පිහියක් අතැතිව ඇතුලූ වි ඇති දිසානායක මහතා, එම ව්දුහලේ ගුරුවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිද ඝාතනය කිරිම සදහා සොයා ඇති අතර, ආචාර්ය මණ්ඩලය මැදිහත්වි ඇය ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාම හේතුවෙන් සිදුවන්නට ගිය අපරාධයක් මගහැරී ගොස් ඇත.
පසුව දිසානායක මහතාගේ බිරිද කෙටි නිවාඩුවක් ලබාගෙන පාසලෙන් පිටවගොස් ඇති අතර පාසල් නිමවන අවස්ථාවේදීද සාලිය දිසානායක මහතා නැවතත් පිහියක් අතැතිව විදුහල් භූමිය අවට සැරිසරමින් ඔහුගේ බිරිද සොයා ඇති බවද විදුහල් ආරංච්මාර්ග සදහන් කරයි.
මෙවැනි ආකාරයෙන් හැසිරීම දැඩි නිතිවිරෝධි මෙන්ම විනය විරෝධිද වේ. නමුත් මෙ රටේ නිසි පරිදි නිතිය ක්‍රියාත්මක නොවන බව මෙවන් පාදඩයින් නිදැල්ලේ හැසිරිමෙන්ම මොනවට පැහැදැලි වේ
සත්‍ය නිවිස්
www.sathyanews.com