මැදපෙරදිග සේවයට ගිය අපේ කාන්තාවන් හාරසීයකට අධික පිරිසක් පසුගිය වසර තුළ ආපසු ලංකාවට ගෙන එන ලද්දේ පණසුන් මළ සිරුරු ලෙසය. දුප්පත් කම නිසා සොච්චමක් සොයා ගන්නට මැදපෙරදිගට ගොස් ජීවිතයද අහිමිව මෙරටට එන කාන්තාවන්ගේ සංඛ්‍යාව වසරින් වසරම ඉහල යයි. ඒ මිය ගිය කාන්තාවන් පිළිබදව නිසි විමර්ශනයක් කෙරී ඇතැයි මේ දක්වාත් අසන්නට ලැබී නැත.
එහෙත් ඔවුන් එසේ අභිරහස් ලෙස මිය යන්නේ හෝ මරා දැමෙන්නේ මක් නිසාද යන්න ගැන ප්‍රශ්ණ කළ යුතුමය. මේ පිළිබදව සොයා බැලිය යුතු බවට වගකිවයුත්තන්ට දැන්වත් බල කළ යුතුය. මෙසේ කියන්නට හේතු වූයේ පසුගියදා සිදුවූ තවත් එක් සිදුවීමකි. අම්බලන්ගොඩ රන්‍ෙදාඹේ, ඔලගම පාර, පදිංචිව සිටි ප්‍රියානි මෙන්දිස් (41) මහත්මිය සෞදි අරාබියේ නිවෙසක රැකියාව කරමින් සිටියදී බලහත්කාරයෙන් කරවන ලද ශාල්යකර්මයකින් පසුව අසාධ්‍යව පසුගිය අප්‍රේල් මස 26 වැනිදා ශ්‍රී ලංකාවට එවීමෙන් පසුව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මැයි 02 වැනිදා මිය ගියාය. මෙසේ ඇයව බලහත්කාරයෙන් සැත්කමකට ලක් කෙරෙන්නේ ඇයි?. එසේ සැත්කමට ලක්කර දින ගණනකට පසු ඇය මිය යන්නේ ඇයි?.
මෙතෙක් මැදපෙරදිග ගිය කාන්තාවන්ගේ අභිරහස් මියයාම් හා මේ සිදුවීම එකට ඈදා ගත් කළ එක් බියජනක කාරණයක් පිළිබදව අප සිත් තුළ සැක ඇති වෙයි.එනම් මෙසේ මේ කාන්තාවන් ඝාතනය කෙරෙනුයේ, සැත්කම් වලට ලක් කෙරෙනුයේ මිනිස් අවයව ජාවාරමක් වෙනුවෙන්දැයි යන්නය. මිනිස් අවයව ජාවාරම ලෝකය පුරා දැඩිව පැතිර ඇති, බෙහෙවින් ලාභදායී ජාවාරමක් බව ප්රකටය. අප රටින් මේ ගෙන යන කාන්තාවන් බිළිවන්නේ ඒ බිහිසුනු ජාවාරමටද?.
“රට විරුවෝ“ යැයි කියමින් මෙරට කාන්තාවන් අරාබියේ වහල් සේවයටත් ලිංගික ශ්‍රමික වෙළදපොලටත් විකුණන එක්තරා ඇමති වරයෙකුට දැනටමත් බොහෝ අය කියන්නේ මුදලට ගණිකාවන් විකුණන තැරැව් කරුවාට කියන නාමයය. එහෙත් මේ බිහිසුණු තත්වය පිළිබද ඇත්ත හෙළිවන දාට ඔහුට කියන්නට වෙන්නේ මස්කඩයකට සතුන් දක්කන මස්වැද්දෙකු යැයි කියාද?.
චරපුරැෂ - facebook
www.sathyanews.com
0 comments:
Post a Comment