පසුගිය 17 වැනි දින සිට රම්බොඩගල්ල සිරිසාගල පුරාණ රාජමහා විහාරය ආශ‍්‍රිත භූමී පෙදෙස පුරා දින තුනක කාලයක් හෙලිකොප්ටර් යානයක් අහසේ සැරිසැරීම ප‍්‍රදේශවාසී ජනතාවගේ සැකයට හේතු වී තිබේ.
ඉපැරණි ඉතිහාසයක් සහිත රාජමහා විහාරයේ පවතින බවට සැකකෙරෙන නිධන් වස්තු සොයා බැලීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙසේ ක‍්‍රියාකරන බවට ප‍්‍රදේශවාසීන්ට සහ තමන්ට සැකයක් පවතින බවද තිලකවංශ හිමියෝ අවධාරණය කළහ.
තමන් මේ පිළිබඳව රිදිගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ සොයාබැලීමක් කළද, ඔවුන්ටද මේ සිදුවීම පිළිබඳව කිසිවක් සොයාගැනීමට නොහැකි වී ඇති බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
මෙය රජයට හෝ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ආයතනයක් විසින් සිදුකළ බවට ස්ථිරවම කරුණු තවමත් අනාවරණය කරගත නොහැකි වු බව පෙන්වා දෙන තිලකවංශ හිමියෝ, මෙවැනි දෙයක් කිරීමට පෙර තමන් දැනුවත් කළ යුතුව තිබු බවද ප‍්‍රකාශ කළහ.
මේ පිළිබඳව කළ විමසීමකදී රිදීගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ එච්.එම්.එම්. ජයතිලක මහතා පැවසුවේ, ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කරන හෙලිකොප්ටර් යානාවක් මෙසේ පුහුණූ වීම් කටයුතු සිදුකර ඇති බවට කරුණූ අනාවරණය වු බවයි.
කෙසේ වුවද පසුගිය කාල වකවානුවේම එක් එක් ආකාරයේ සිදුවීමි පවසමින් බොහෝ පෞරාණික ස්ථාන ගණනාවක් වනසා දමමින් ප්‍රසිද්ධ පුද්ගලයෝම නිධන් කොල්ල කෑ බව අමුතුවෙන් කිව යුතු නැත. අනුරාධපුරයේ ඇතැමි ස්ථාන වල මෙන්ම , කටුගෙයි සිදුවිමද , එහා සමානව දැවැන්ත විනාශයක් කරමින් නිධන් කොල්ල කෑ අමිබුලුවාවද ජනතාව හොදින් දනි. ප්‍රශ්ණය මෙතරමි දේවල් සිදුවෙද්දිත් තම රටේ අභිමානය හා ඉතිහාසය පිළිබදව කිසිදු තැකීමක් නොකරන සිංහලයෝ තම කට පියා සිටිමයි.

සත්‍ය නිවිස්
www.sathyanews.com
www.sathyanews.com
Kalakanni heththa
ReplyDeleteApema unthamai rata kanne.
ReplyDelete