-

-
  • home
Home » » ලංකාව යළිත් "ත්‍රස්තවාදී අනතුරක"

ලංකාව යළිත් "ත්‍රස්තවාදී අනතුරක"



ශ්‍රී ලංකාව නැවතත් ත්‍රස්තවාදී තර්ජනයකට මුහුණපෑමේ අවදානමක් මතුව ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මේ පිළිබඳ හෙළි කර ඇති බවත් වාර්තාවෙයි. 

ඉන්දියාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ත්‍රස්තවාදි ක්‍රියාකාරම්වලට සම්බන්ධ පුද්ගලයා ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. 

පාකීර් හුසෙන් නැමැති මෙම ශ්‍රී ලාංකිකයා ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

කෙසේ වෙතත් මොහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මොහුව මෙහෙයවා ඇති බවයි. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් ශ්‍රී ලංකාවට අදාළ සිද්ධිය පිළිබඳ දැනුම් දි තිබේ. මෙම නිලධාරියා පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙකු බවටත්, ඔහු ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ පුද්ගලයෙකු බවටත් මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

මොහුගේ උපදෙස් මත පාකීර් හුසේන් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි අමෙරිකානු එක්සත් ජනපද කන්සියුලර් කාර්යාලය සහ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ඊශ්‍රායලයේ කන්සියුලර් කාර්යාලයේ තොරතුරු රැස් කරගෙන ඇති අතර අදාළ කන්සියුලර් කාර්යාලවල ඡායාරූප ද ලබාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.

මේ පිළිබදව ලංකාවේ මාධ්‍ය වාර්ථා කරනාතෙක් බලා නොසිටින්න. මන්ද මුසල්මානුවන් කවර ආකාරයේ ත්‍රස්ථවාදි කමක් කරනු ලැබුවත් මුසල්මානුවන්, මුස්ලිමි, සහ එම ප්‍රවෘත්තිය වුවද පළ කිරීමට ලංකාවේ මාධ්‍ය වෙතට ආශ්චර්යෙන් නියෝග ලැබි ඇති බැවිනි. එයට හොදම උදාහරණය පසුගිය දිනක කුඩු කිලෝ 90 ක් සමග අත්අඩංගුවට ගත් මුසල්මානුවාගේ නමවත් හෙළි නොකිරීමයි. 


0 comments:

Post a Comment