-

-
  • home
Home » » ඉස්ලාම් ආගමික ගැටුම් චීනයටත් පැතිරේ

ඉස්ලාම් ආගමික ගැටුම් චීනයටත් පැතිරේ




චීනයේ සින්ජියැං ප්‍රාන්තයේ ඇතිවු වාර්ගික ගැටුම්වලින් මේ වන විට 35 දෙනෙක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එම ගැටුම් මැඩපැවැත්වීම සඳහා දහස් ගණනින් සමන්විත විශාල චීන හමුදා බල ඇණි යොදවා ඇත.

මුස්ලිම් සුළුතරයක් වෙසෙන ප්‍රදේශවල මෙම ගැටුම් ත්‍රස්තවාදී ගැටුම් ලෙස චීන රජය හඳුන්වන අතර ජනාධිපති ෂී ජිං පින් ගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශයේ ඉහළ පෙළේ බලධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්විමක් ද පවත්වා තිබේ.

මෙම ගැටුම් උග්හුර් සහ හන් චීන ජාතිකයන් අතර ගැටුම් ඇති වී හතරවන සංවත්සරය සමරන ජූලි 5 දිනට පෙර මේ ප්‍රදේශයේ ස්ථායිතාව ඇතිකිරීම චීන රජය බලාරොත්තු වේ.

වසර හතරකට පෙර ඇතිවූ එම ගැටුම්වලින් 200 කට අධික පිරිසක් මිය ගියහ.

________________________________________________
www.sathyanews.com

0 comments:

Post a Comment