-

-
  • home
Home » » හැදුනුමිපත දෙමළ කිරීමේ කූට උපක්‍රමයක් -

හැදුනුමිපත දෙමළ කිරීමේ කූට උපක්‍රමයක් -



ලබන වසරේ ජනවාරියේ සිට සිංහල ජාතිකයින් සඳහා ද්විභාෂාවෙන් (සිංහල/දෙමළ) ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර මහතා පවසයි.

අලූතින් නිකුත් කරන හැඳුනුම්පත් පමණක් මෙසේ සිංහල දෙමළ භාෂාවන්ගෙන් යුක්ත වන බවද එය 2016 වසර දක්වා පමණක් කි‍්‍රයාත්මක බවද ඒ මහතා කීය.

දැනටමත් උතුරු නැගෙනහිර දමිළ ජාතිකයින් සඳහා ද්විභාෂා හැඳුනුම්පත් (දෙමළ/සිංහල) නිකුත් කෙරෙන බවද හෙතෙම සඳහන් කෙළේය.

2016 වසරේ සිට ත්‍රෙභාෂාවෙන් යුක්ත විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට දැනටමත් කටයුතු යොදා ගෙන යන අතර ඒ සමගම සියලූම ශ්‍රී ලාංකිකයින් සඳහා නව හැඳුනුම්පතක්් හිමි වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වුවද ලංකාවේ දෙමළ ජනතාව සිටින්නේ 9% ක් පමණ ප්‍රතිශතයකි. එසේ තිබියදි. 70% ක සිංහලයන් සදහා එය දෙමළ භාෂාව එක් කිරීම මෙ සිංහල රට දෙමළ රටක් කිරීමේ කූට උපක්‍රමයක්ද යන්න සැක ඇති විම සාධාරණය. එබැවින් මෙය වැළැක්වීමට සියලුම ජාති බලවේග එක් විය යුතුය. 

සත්‍ය නිවිස්
www.sathyanews.com 

0 comments:

Post a Comment