-

-
  • home
Home » » ගිනි තැබු බුලංත්සිංහල පන්සල සිංහල රාවය යලි හදයි -

ගිනි තැබු බුලංත්සිංහල පන්සල සිංහල රාවය යලි හදයි -



පසුගිය දිනක බුලත්සිංහල ප්‍රෙදේශිය සභාපති විසින් ගිනි තබා විනාශ කල ඈගල් ඔය විශ්ව සමාධි ධර්මායතනය අද දින (16) සිංහල රාවයේ හිමිරැවන් හා නියෝජිත්යන් පිරිසක් එක්ව නැවත ගොඩනංවන්නට කටයුතු කරනු ලැබිය.  ප්‍රෙද්ශිය සභාපති විසින් පසුගිය වසරේ ගවයන්ට අමානුෂික ලෙස පහර දෙමින් පැවැත්වු තිරික්කල තරගයකට මෙම ධර්මායතනයේ භාර ස්වාමින් වහන්සේ එරෙහි වු නිසා එයට පළියක් ලෙස මෙම පන්සල ගිනි තබා විනාශ කර තිබිනි. 

කෙසේ වුවද සැබැ ජාතික සංවිධානයක ක්‍රියාව පෙන්වමින් නිරැතුරැ බෞද්ධයන් වෙනුවෙන් මාධ්‍ය සංදර්ශණ නොමැතිව නිහඩව ඉදිරිපත් වන සිංහල රාවය සංවිධානය මෙම සිදුවිමේදිද මුල් තැන ගෙන එම පන්සල නැවත ගොඩ නංගවන්නට කටුයුතු කිරීම පිළිබදව අප එම සංවිධානයට ප්‍රණාමය පුද කළ යුතුය. එසේම මෙම ගිනි තැබීමට මුල් වු ප්‍රාෙද්ශිය සභාපති වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද අප වගකිව යුතු අංශ වලින් ඉල්ලීමක්ද කරමු. එය සිදුවේද සිදු නොවේද යන්න කෙසේ වෙතත් ලක්ෂ ගණන් විදයමි කර මාධ්‍ය සංදර්ශණ පාන සංවිධානවටද සිංහල රාවයේ මෙවැනි ක්‍රියාවන් මහත් ආදර්ශයක් වනු ඇත. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment