-

-
  • home
Home » » ලන්ඩන් මුසල්මානුවන්ට එරෙහිව ජනයා විදි බසි - පිට පිට ප්‍රහාර

ලන්ඩන් මුසල්මානුවන්ට එරෙහිව ජනයා විදි බසි - පිට පිට ප්‍රහාර



ලන්ඩන් වැසියන් මේ වන විට එරට මුසල්මානුවන්ට එරෙහිව විදි බැස තිබෙ. පසුගිය දිනක හමුදා සෙබෙලෙක්ගේ හිස ගසා දමා ඝාතනය කිරීම නිසා මෙලෙස මුසල්මානුන්ට එරෙහිව ලන්ඩයේ විරෝධතා මතුව ඇත. 

මෙම මුස්‌ලිම් විරෝධී වැඩසටහනේ ප්‍රමුඛවම ක්‍රියාත්මක වී සිටින්නේ "ඉංග්‍රීසි ආරක්ෂක ලීගය" නම් ජාතිකවාදී සංවිධානයයි. මේ සංවිධානයේ සාමාජිකයන් දහසක්‌ පමණ ලන්ඩනයේ උද්ඝෝෂණ වල යෙදුනු අතර ඔවුහු පොලිසිය හා ගැටුණහ. සිකුරාදා නැමදුම්වලට කඩාපැන පහරදුන්හ. එංගලන්තයේ ග්‍රයිම්ස්බරි හි මුස්ලිම් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇත. කැන්ටබරී සහ ග්‍රෙසන්ට්බරි හි දේවස්ථානවල සිකුරාදා දේව මෙහෙයන් වලටත් කඩාපැන බෝම්බ ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තාවේ. ඉංග්‍රීසී ආරක්ෂක ලීගය විසින් ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම්වරු මරාදමා උරන්ගේ සම්වලින් එම මිනී එතිය යුතු බවයි. තවත් මුස්ලිම් පල්ලි ගනි තබන බවට ද ප්‍රකාශ කරන ඔවුන් ලන්ඩනයේ පෙළපාලි යමින් උද්ඝෝෂණය කළේ "මුස්‌ලිම් මිනීමරුවෝ මෙහෙන් පලයව්" යනුවෙනි. ඉංග්‍රීසි ආරක්ෂක ලීගයේ සාමාජිකයෝ බ්‍රිතාන්‍ය අගමැතිගේ නිවස ඉදිරිපිටට ද ගොස්‌ උද්ඝෝෂණය කළ අතර මෙලෙස උද්ඝෝෂණය කළ බෙග් ගේම්ස්‌ ප්‍රකාශ කළේ මුස්‌ලිම් අන්තවාදීන් බ්‍රිතාන්‍යයට ඇති ප්‍රධානතම තර්ජනය බවයි.

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment