-

-
  • home
Home » » රාවයේ මැදිහත් වීමෙන් පොලිසිය ජාතියෙන් සමාව ගැනීමට සැරසේ - හේතුව සුනඛ විවාහය

රාවයේ මැදිහත් වීමෙන් පොලිසිය ජාතියෙන් සමාව ගැනීමට සැරසේ - හේතුව සුනඛ විවාහය


අද පොලිස් නිල සුනඛ ඒකකය මගින් පෝරුවේ චාරිත්‍ර පවත්වා සුනඛයින්ව විවාහ කරවන අයුරු රූපවාහිනී ප්‍රවෘත්ති මගින් දකින්නට ලැබිණ.



මෙයින් සිංහල සංස්කෘතියට සිදුවන බලවත් අපහාසය පිළිබදව සිංහල රාවය ජාතික සංවිධානය විසින් අදාල බලධාරීන්ට ඉක්මනින්ම පැමිණිළි කරනු ලැබිණ.


ඉන් පසු දැනට සුළු මොහොතකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා දුරකථනයෙන් කතාකොට සිංහල රාවය ජාතික සංවිධානයේ හිමිවරුන්ට පැවසුවේ සිංහල සංස්කෘතියට නොදැනුවත්ව හෝ පොලිස් දෙපාර්තමෙන්තුව මගින් සිදුවුණු අපහාසයට හෙට උදෑසනම ජාතියෙන් සමාව අයදින බවය.



සිංහල ජාතිය, සංස්කෘතිය හා බුදු දහම වෙනුවෙන් සිංහල රාවය ජාතික සංවිධානය නිරන්තර අවදියෙන් සිටිනා බව දැනුම් දෙමු.



සත්‍ය නිවිස්
www.sathyanews.com



0 comments:

Post a Comment