-

-
  • home
Home » » වැලිවෙරියට හමුදාව ඇවිත් වෙඩි තැබුයේ ඇයි ? කැසිනෝ රජා වෙනුවෙන්ද ?

වැලිවෙරියට හමුදාව ඇවිත් වෙඩි තැබුයේ ඇයි ? කැසිනෝ රජා වෙනුවෙන්ද ?


වතුර යනු මිනිස් ජීවතය සදහා අත්‍යාවශ්‍යම වන මුලික අවශ්‍යතාවයකි. එසේ ජනතාවට ලැබෙන පිරිසදු ජලය විනාශ කරන්නේනෙම එය මහත් වු පාපකර්මකයක් වන අතර රටක ජනතාවට අවශ්‍ය මෙවන් වු මුලික අවශ්‍යතා සපුරා දීමද එම රටේ රජයක වගකීමකි. නමුත් පසුගිය දිනක සිදුවුයේ සැබැවින්ම සිදු නොවිය යුතු සිදුවීමක් වන අතර එම සිදුවීම නිසා මෙ වන විට මිනිස් ජිවිතයක්ද ආකාරයේ විනාශ වි තිබේ. හේතුව පිරිසිදු ජල මුලාශ්‍ර විනාශ කරන විනාශ කාරි කර්මාන්ත ශාලාවක් වසා දමා ප්‍රෙදේශයේ ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දෙන ලෙස කළ ඉල්ලිමයි. වතුර ඉල්ලිම මරණයට අත වැනිමක්ද ? එසේ සිදු වුයේ ඇයි ? 

මෙය සැබැවින්ම අති සංකිර්ණ ගැටලුවක් නොවේ. යමි කර්මාන්ත ශාලාවකින් ජලය විනාශ කරන විශ රාසයන ද්‍රව්‍ය මුදා හරිනවානමි ප්‍රෙද්ශයේ ජනතාවට එයින් අසාධාරණයන් සිදුවන්නේ නමි රජය මැදිහත්ව එය වැළැක්විම අමුතුවෙන් කිව යුතු නැත. මන්ද රජයට කර්මාන්ත ශාලාවලට වඩා රටක ජනතාව වැදගත් විය යුතු බැවිනි. නමුත් වැලිවෙරිය සිදුවිමෙදි අපට පෙනි යන්නේ මෙම ජනතාවට වඩා එම කාර්මාතන ශාලාව වැදගත් වු බවක් නොවේද ? 

එම ජනතාවගේ එකම ඉල්ලීම වුයේ වතුර මිසක් , රජය පෙරලිමටවත් , කැරලි ගැසීමවත් නොවේ. නමුත් එය පසෙක දමා එම ඉල්ලිම කර ඉටු නොවු තැන උද්ගොෂණය කරන විට වෙඩි තබා පොලු වලින් පහර දිම සාධාරණද ? හමුදාව ගෙන්වා එසේ දිමට අන දුන්නේ කවුරැන්ද ? 

මෙම විශ රාසායන ද්‍රව්‍ය පරිසයට මුදා හැරි විනග්‍රෝස් කර්මාන්ත ශාලාව හේලීස් සමාගමට අයත් කම්හලක් බව දැනගන්නට තිබේ. හේලීස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය ඇත්තේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කැසිනෝ ව්‍යාපාරද හිමි ධම්මික පෙරේරාට ය. මේවනවිට ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපතිවරයාද වෙයි. පෑන් ඒෂියා, වැලිබල් ෆිනෑන්ස්, එල් බී ෆිනෑන්ස්, රොසෙල්, ලංකා වෝලටයිල්ස්, ඩෙල්මේජ් ඇතුලු තවත් සමාගම් හතළිහක පමණ වැඩි කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරාට හිමි බව වාර්ථා වේ. එසේ නමි මෙසේ හමුදාව ගෙන්වා මෙතරමි දරැණු මැඩ පැවැත්විමක් සිදු කරන්නට යෙදුවේ සැබැවින්ම මේ කැසිනෝ රජා නිසා නොවේද ? 

හමුදාවට පොලිසියට මෙන් ජනතාව ඉදිරියේ අවම බලය භාවිතා කරන්නට නොහැකිය. එසේ අවම බලය භාවිතා කිරිම සදහා එයට ප්‍රධාන පෙලේ අණ දෙන්නෙක් විසින් අණ දිමක් කළ යුතුය. එසේනමි මේ වෙඩි තැබිමට, පොලු වලින් පහර දිමට අණ දුන්නේ කවුද ? සැබැවින්ම අණ දෙන්නා කවුරැන් වුවත් ජනතාව මුර දේවතාවන් මෙන් සලැකු හමුදාව අමු අමුවේ කලු පැල්ලමි ගා ගත් සිදුවිමක් බවනමි අමුතුවෙන් කිව යුතු නැත.

පහත විඩියෝව බලන්න.





සත්‍ය නිවිස්
www.sathyanews.com

2 comments: