-

-
  • home
Home » » පුටින් ෆොන්ටෙරා නිෂ්පාදන පයින් ගසා රුසියාවෙන් පන්නයි

පුටින් ෆොන්ටෙරා නිෂ්පාදන පයින් ගසා රුසියාවෙන් පන්නයි



නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zealand Herald පුවත් සේවය වාර්ථා කරයි.

රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක  බලධාරීන් විසින් බිළිඳු කිරි  ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.

ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය.

ෆොන්ටෙරා සමාගම ශ‍්‍රී ලංකා වෙළඳපොළට නිකුත් කරන ඇන්කර් මැලිබන් ඇතුළු නිෂ්පාදනවල DCD විෂ රසායනය ඇති බව පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකල පරීක්ෂණ වලින් හෙළි වුවත් තවමත් ශ්‍රී ලංකාව තුල එම නිෂ්පාදන බාධාවකින් තොරව නිකුත් කෙරේ.සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙරට වගකිවයුතු අංශ  කාර්මික තාක්ෂණ ආයතන වාර්ථාව නොසලකා හරිමින් අඳුරේ අත පත ගාමින් සිටී. මීට පෙර කෘෂි රසායන තුල ආසනික්  විෂ ඇති බවට කැළණි විශ්ව විද්‍යාල  පරීක්ෂණ කණ්ඩායම් ඉදිරිපත් කල පාරීක්ෂණ වාර්ථා ප්‍රතික්ෂේප කරමින් එම බලධාරීන් පැවසුවේ රජය නිල වශයෙන් පිලිගන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්ථා පමණක් බවයි. නමුත් කිරි නිෂ්පාදනවල DCD සම්බන්ධව එම ස්ථාවරය වෙනස් වී තිබේ.

පුවත් මුලාශ්‍රය - 01

සටහන - 

ඉහත සිදු කර ඇති පර්යේෂණ වලින් මෙම අහිතකර රාසායන ද්‍රව්‍ය හයිලන්ඩි හා පැලවත්ත කිරි නිශ්පාදන වල අන්තර්ගත නොමැති බවද එම පර්යේෂණ වාර්ථාවලින් ඔවුන් පෙන්වා දෙයි. එබැවින් ඔබේ දරැවාටත් මෙවන් විශ රාසායන අඩංගු කිරි නිශ්පාදන ලබා දිමෙන් වළකින්න. එය ක්ෂණිකව නොවුනත් දිර්ඝ කාලින අතුරැ ප්‍රථිපල සදහා ලක්විය හැකිය. කෙසේ වුවද ලංකාවේ තවමත් ජයටම මෙම නිශ්පාදන අලෙවි කිරිම සිදු කරයි. ජනතාවට අහිතකර මෙම නිශ්පාදන වෙනුවෙන් කිසිදු පාර්ශවයක් තවම තින්දුවක් ගෙන නැත.

අපගේ facebook පෝස්ටුව අන් අයගේ දැන ගැනීම සදහාද Share කරන්න. ඒ සදහා මෙම සබැදිය කිලික් කරන්න. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

1 comments:

  1. රැසියාවේ එහේම වුනත් ලංකාවේ එහේම වෙන්නේ නැ.

    ReplyDelete