-

-
  • home
Home » » මුන්නේෂ්වරමි මහ සත්ව සංහාරය රාවයේ මැදිහත් වීමෙන් වළකි

මුන්නේෂ්වරමි මහ සත්ව සංහාරය රාවයේ මැදිහත් වීමෙන් වළකි






වාර්ෂිකව හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ පවත්වන සත්ව බිලි පුජාව මෙවර අවලංගු කල බව කෝවිලේ කාලිමුත්තු සිවපාක්‍ය සුන්දරම් ප‍්‍රධාන පූජකතුමා පවසයි.


සිංහල රාවයේ මැදිහත් වීමෙන් පුත්තලම දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පති කිස්තිරි ගනේගම මහතා තමන්ගෙන් කළ ඉල්ලිමකට අනුව බිලි පූජාව අවලංගු කිරිමේ එකඟත්වයට පැමිණි බවද ඔහු සඳහන් කරයි.

බිලි පුජාව පැවැත්විමෙන් ගැටුම් හටගැනිමේ අවස්ථාවක් පැවතීමේ ඉඩක් ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පෙන්වා දුන් බවද පුජකතුමන් සඳහන් කරයි.

පසුගිය වර්ෂයේදීද මෙම බිලි පුජාව සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය හේතුවෙන් අවලංගු කරන ලද අතර ඊට පෙර වර්ෂයේදි අධිකරණ නියෝගයක් මත බිලි පූජාව නැවැත්වීය.

කෙසේ වුවද සිංහල රාවය සංවිධානය මෙම මහා සත්ව සංහාරයට එරෙහිව ඉල්ලිමකට අමතර දැවැන්ත විරෝධතාවයක්ද පවත්වන්නට කටයුතු සුදානමි කර තිබිනි. 

සත්‍ය නිවිස්
www.sathyanews.com 

0 comments:

Post a Comment