-

-
  • home
Home » » දෙවනගල හරක් මස් කඩය ඉවතට - රාවයේ උත්සහය දිනමි

දෙවනගල හරක් මස් කඩය ඉවතට - රාවයේ උත්සහය දිනමි



දෙවනගල විහාරභූමියේ පවත්වාගෙන යන ගවමස් කඩය වසා දමන්නැයි ඉල්ලමින් අද දින සිට මාරාන්තික උපවාසයක් අරඹන්නට සිංහල රාවය ජාතික සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ දෙවනගල සුරැකීමේ ජාතික සංවිධානයේ අනුරාධපුර අමතධම්ම හිමියන් එක්ව තීරණය කොට තිබිණ.

මේ පිළිබදව ප්‍රදේශයේ අදාල ආයතන වලට ලිඛිතව දැනුම් දෙනු ලැබිණ. මෙසේ දැනුම් දෙනු ලැබුවේ ප්‍රාදේශිය ලේකම්වරයාට, ප්‍රාදේශීය සභාවට හා ප්‍රදේශයේ පොලිසියටය. ඒ අනුව ප්‍රාදේශිය සභාවෙන් වහාම මේ පිළිබදව තීරණයක් ගන්නට යෙදිණ. ඒ ගත් තීරණය අද දින අපගේ ස්වාමින් වහන්සේලාට දන්වනු ලැබිණ.

මා/ප්‍රා/ස/04/02 යන අංකය යටතේ මාවනැල්ල ප්‍රාදේශිය සභාවෙන් ලැබුණු තීරණයෙන් කියැවුණේ පහත සදහන් පරිදිය. වහාම ක්‍රියාත්මක වන පරිදි 2013.09.09 වන දින සිට මෙම ගවමස්කඩය වසා දමන බවත්, කිසිම හේතුවක් මත හෝ වෙළදසැල විවෘත කිරීමට කිසිදු අවස්ථාවක නීතිමය අවසරයක් නොදෙන බවත් දන්වා සිටින බවය. එසේම මෙයට හේතුව ලෙස සදහන් කෙරුණේ මෙම වෙළදසැල පුරාවිද්‍යා ප්‍රේරණ කලාපය තුළ පිහිටා තිබීමය.

මේ ජයග්‍රහණයට උරදුන් එකමුතුව මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු සිංහල රාවයේ සාමාජිකයින්, අනුරාධපුර අමතධම්ම හිමියන්, බුද්ධික ඩයස් මහතා, අනුර මංචනායක, බන්දුල ජයකොඩි ඇතුළු දෙවනගල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් හා කීර්තිරත්න, පොඩිමහත්තයා වැනි ප්‍රදේශවාසීන්ය. මේ සියල්ලන්ටම ජාතියේ අතිමහත් කෘතඥතාවය හිමි විය යුතුමය.  එසේම දෙවනගල පූජාභූමිය මුළුමනින්ම මුසල්මානු ආක්‍රමණයෙන් මුදා ගන්නා තුරුම සිංහල රාවය මේ ගමන නොනවත්වන බවද අපි මෙහිදී ස්ථිරවම කියා සිටින්නෙමු.

දැනට දෙවනගල පූජා භූමියේ අනවසරයෙන් පදිංචිව සිටින මුස්ලිම් පවුල් තිස් හතකට ආසන්න ප්‍රමාණය මේ භූමියෙන් ඉවත්කර දෙවනගල නැවතත් ආරක්ෂිත බෞද්ධ උරුමයක් බවට පත් කර දෙන තුරු සිංහල රාවය ජාතික සංවිධානයත් දෙවනගල සුරැකීමේ සංවිධානයත් මේ ගැන නිරන්තරවම අවදියෙන් සිටින බව සදහන් කරන්නෙමු. 

ලිපි උපුටන - සිංහල රාවය සංවිධානයේ නිල ෆෙස්බුක් පිටුවෙන්

සත්‍ය නිවිස්
www.sathyanews.com


0 comments:

Post a Comment