-

-
  • home
Home » » ඇන්ගෝලාවේ ඉස්ලාම් ආගම තහනම් කෙරේ

ඇන්ගෝලාවේ ඉස්ලාම් ආගම තහනම් කෙරේ


ඇන්ගෝලාව තුළ ඉස්ලාම් ආගම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.  මේ සමග සුළුතර ඉස්ලාම් ලබ්ධිකයන් ඉලක්ක කරගත් දැඩි ආගමික මර්දනයක් ආරම්භ වනු ඇතැයි පැවසේ. දකුණු අප‍්‍රිකානු රටක් වල ඇන්ගෝලාවේ පුවත්පත් ගණනාවක් වාර්තා කර ඇත්තේ මේ බව එහි සංස්කෘතික අමාත්‍ය රෝසා කෲස් ඩි සිල්වා පවසා ඇති බවයි.

නීතිය සහ මානව හිමිකම් අමාත්‍යාංශය විසින් ඉස්ලාම් ආගම නීතිගත කිරීම අනුමත කර නොමැති බැවින් නැවත දැනුම්දෙන තුරු සියලූ ඉස්ලාම් දේවස්ථාන වසා දැමීමට කටයුතු කරන බව සංස්කෘතික ඇමතිවරයා පවසා තිබේ. ඉස්ලාම් ආගම ඇන්ගෝලාවේ සංස්කෘතියට පරස්පර හෙයින් මෙම පියවර ගත යුත්තක් බව ඔහුගේ අදහසයි.  මේ සමග රාජ්‍ය අනුග‍්‍රහය සහිතව රට පුරා ඇති දේවස්ථාන හා පුදබිම් විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.




කෙසේවෙතත් ඇන්ගෝලානු ව්‍යවස්ථාවට අනුව කැමති ආගමක් ඇදහීමේ නිදහස පුරවැසියන් වෙත හිමිවන බව සඳහන් වී තිබේ. මේ පුවත ප‍්‍රතික්‍ෂෙප කරන වොෂින්ටනයේ ඇන්ගෝලානු තානාපති කාර්යාල නිලධාරියෙක් පවසා ඇත්තේ ඇන්ගෝලාව ආගමට බාධා නොකරන රටක් වන බවයි.

එහි සිටින කතෝලික, බැප්ටිස්ට්, මුස්ලිම් සහ එවැන්ජලිකල් සියලූ ආගමික පිරිස් සඳහා ආගමික නිදහස සහතික කර ඇති බව ඔහු පවසා තිබේ. පසුගිය මසදී ලූවන්ඩා අගනුවර වියානා සැන්ගෝ පරිපාලන ප‍්‍රදේශයේ පිහිටා තිබූ ඉස්ලාමික දේවස්ථානයේ කොත අභිරහස් ලෙස කඩා වැටුණු අතර ඒ පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් පරිපාලනයෙන් නොලැබුණු බව සඳහන් විය.






මිලියන 19ක් ජීවත් වන ඇන්ගෝලාවේ 90%ක්ම කි‍්‍රස්තියානි ලබ්ධිකයන් වන අතර ඉස්ලාම් ලබ්ධිකයන් 80000-90000ක් පමණ වන බව සැලකේ. කෙසේ වුවද ඉස්ලාසමය වැනි අන්ථවාදි ත්‍රස්ථවාදි මිලේඡ්ච ආගමක් ඇන්ගොලෝවෙන් පමණක් නොව මුලු ලොවෙන්ම තහනමි වි යා යුතුය. 

2 comments: