-

-
  • home
Home » » දෙවනගල උපවාසය නිමයි - බලධාරින්ගෙන් ලිඛිතව පොරොන්දුවක්

දෙවනගල උපවාසය නිමයි - බලධාරින්ගෙන් ලිඛිතව පොරොන්දුවක්



කලක් දළදා වහන්සේද වැඩසිටියේ යයි කියන මාවනැල්ල දෙවනගල පුදබිම ඉස්ලාම් ආගමිකයන්ගේ ග්‍රහණයෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් නැවතත් මාරාන්තික උපවාසයක් කරන්නට අද දින සිංහල රාවය ජාතික සංවිධානයේ කැදවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමියන්, අනුරාධපුර අමතධම්ම හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා හය දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කරනු ලැබිණ.

දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි පුරාවිද්‍යා කැණීම් අරඹා පුදබිම සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලීම එහි අරමුණ විය. මේ පිළිබඳව බලධාරීන්ට කිහිප අවස්ථාවක් දැනුම් දුන්ද කිසිදු ප්‍රයෝජනයක් වූයේ නැත. එහෙත් අද දින උපවාසය ඇරඹීමෙන් පසුව දිසාපතිතුමියත්, මාවනැල්ලේ ප්‍රාදේශිය ලේකම්තුමා, පුරාවිද්‍යා කොමසාරිස්, මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ පලාත් සහකාර කොමසාරිස් වරිය, මෙම උපවාසය පැවැත්වූ ස්ථානයට පැමිණ මෙම ස්ථානය මුසල්මානුවන්ගෙන් නිදහස් කර දෙන බවට ප්‍රතිඥාවක් ලිඛිතව භාර දෙන ලදී. 

මෙහි මැනුම් කටයුතු කිරීමට අවශ්‍ය වන රු. 66,000ක ඇස්තමේන්තු මුදල ලබන මස 04 වන බදාදා හෝ ඊට පෙර මිනුම්දෝරු දෙපාර්තමෙන්තුව වෙත ලබා දෙන බව ලිඛිතව පොරොන්දු විය. ඒ මුදල ලබා දීමෙන් අනතුරුව දෙසැම්බර් මස 11 වන දින හෝ ඊට පෙර මැනීම් කටයුතු ආරම්භ කරන බවට දුන් ලිඛිත පොරොන්දුව මත අද එම උපවාසය අත්හැරීමට තීරණය කෙරිණ.

0 comments:

Post a Comment