-

-
  • home
Home » » ඡන්ද අයිතිය ඉල්ලු සිංහලන්ට මහින්දගේ අනින් බිම දමා පහර දෙයි

ඡන්ද අයිතිය ඉල්ලු සිංහලන්ට මහින්දගේ අනින් බිම දමා පහර දෙයි


තම ඡන්ද අයිතිය ඉල්ලීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ නැමැති සංවේදි නායකයාගේ අණින් නිරැවත් කර පොලිස් බැටන් පොලු පහර ලබා දුන් තවත් අසරණ වු අමිපාර කෙවිලියාමඩුව ජනාතවට මෙතෙක් ලැබු දෙයක් නැත. සිදුවු සෙතක් නැත. නමුත් අද පැවති අමිපාර රැස්විමේදි මහින්ද ප්‍රකාශ කරනු ලැබු එකම දෙය වුයේ ජාතිවාදය නොවුසන ලෙසයි. ඒ පැවසුවේ මෙම සිදුවීම පිළිබදව බව ඔබ අප හොදින්ම දනිමු. 

යුද්ධය නිම කළ බව හැබෑය. ඒ යුද්ධය නිමකලේ අපේ සිංහල කොල්ලන් විසිහයදාහක් ජීවිතය පුද දෙමින් බවද හැබෑය. එසේ නැතිව මහින්ද තනිවම යුද්ධ කර නොවේ.  එහෙත් යුද්ධය දිනුවේ සිංහල අප නොවේ.


මේ රටේ දේශපාලකයින්ද උතුරේ දෙමළුන්ද නැගෙනහිර මරක්කලයින්ද පමණක් නොව පාකිස්ථානයේ බංග්ලාදේශයේ මාලදිවයිනේ මරක්කලයින්ද අපේ රටේ යුද ජයග්‍රහණයේ වාසිය භුක්ති විදිති. එහෙත් යුද්ධයෙන් අවතැන් වුණු සිංහලයින් තවමත් පරාදය. අනාථය. අසරණය.



උතුරට උතුරු වසන්තය උදා වන විට උතුරේ අවතැන් සිංහලයින්ට උදාවූයේ සෙනසුරු දශාවය. දමිලයින්ට මුස්ලිමුන්ට උතුරු බිමෙන් අක්කර දහස් ගණන් වෙන් වෙත්දී අවතැන් වුණ සිංහලයින්ට සිදු වූයේ බිම් අගලක උරුමයක් නැතිව යාපනය දුම්රියපොලේ හිගා කන්නටය. යාපනයේ දමිලයින්ට මුස්ලිමුන්ට උතුරු වසන්තයෙන් වායුසමීකරණය කළ නිවාස හදා දෙන විට අවතැන් වුණ සිංහලයෝ බලෙන් අල්ලා ගත් බිම් කඩක ටකරන් මඩු අටවා ගත්හ.



නැගෙනහිර නවෝදයද සිංහලයින්ට උදා නොවූ නවෝදයක් විය. යුද්ධයෙන් අවතැන් වුණු මුස්ලිමුන්ට පමණක් නොව නූපන් මුස්ලිම් දරුවන්ටද ඉඩම් අක්කර ගණන් හිමි වෙද්දී සිංහලයින්ට බිම් අගලක උරුමය ලැබුණේ නැත. පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයෙන් එන සරණාගත මුස්ලිමුන් ඉඩම් ලබා නැගෙනහිර පදිංචි කරවද්දී අවතැන් වුණු අපේ සිංහලයින්ට තමන්ගේ ගම් බිම් වල උරුමය පවා අහිමි වී ගියේය.



අම්පාර කෙවිලියාමඩුව ගම්මානයේ අසරණ වුනු සිංහලයෝද එවැන්නෝය. යුද්ධය නිසා ගම් බිම් අතහැර පලා ගිය ඔවුන්ව රජයෙන් යලි පදිංචි කරවුයේ නැත. ඔවුන් තම ගම් බිම් බලා නැවත පැමිණියත් දමිලයින්ගෙන් මුස්ලිමුන්ගෙන් තිබු තර්ජන නිමක් වූයේ නැත. ඔවුන්ගේ උපන් ගම් බිම් වල ඉඩම් වල අයිතිය ඔවුන්ට අහිමිය. යාන්තම් අටවා ගත් පොල් අතු මඩු කිහිපයක සෙවන ඇරෙන්නට නැගෙනහිර නවෝදයේ ප්‍රතිලාභ කිසිවක් ඔවුන්ට අහිමිය. වෙනකක් තබා දැන් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට ඡන්දය දීමේ මූලික අයිතිවාසිකම පවා අහිමිය.



මේ අවනඩුව රටේ සිංහල බෞද්ධ සංවේදී නායකයාට කියන්නට ගිය තැන ඔවුන්ට ලැබෙන්නේ බැටන් පොලු පහරය.
ඇත්තෙන්ම මේ ජාතිය සිංහල වීමේ පාපයද?. මේ සිංහල දරුවන්ට අර කියන්නා වූ “සුබ අනාගතයක්“ හෙටවත් උදාවනු ඇතිද?. නැතිනම් මේ දරුවන්ට “පිවිතුරු හෙට“ කදීවත් හෙටක් තියෙනු ඇතිද.? ඉතින් ඔබෙත් මගේ දරැවන්ගේ අනාගතය මෙම එකාධිපති පාලකයා විසින් බලයෙන් යට කරගෙන සිටින බව නොපෙනේනනේද ? පහතින් ඇත්තේ සිහලයන්ට ජනාධිපතිගේ අණින් සැලකුමි ලැබුනු ආකාරයයි. 







0 comments:

Post a Comment