-

-
  • home
Home » » සෝමාවතී පුදබිම් මාර්ගයේත් ගව ඝාතකාගාරයක්

සෝමාවතී පුදබිම් මාර්ගයේත් ගව ඝාතකාගාරයක්


    වන්දනා සමයේ කුඩා වෙළෙඳ සැලක්වත් ඉදිකිරීමට අවසර නොලැබෙන සෝමාවතී පුදබිම් මාර්ගයේ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යන බව වාර්තා වේ. මෙම පුදබිම් මාර්ගයේ මීටර් සියයක් පමණ යනවිට රක්ෂිත කලාපයක මෙම ගව ඝාතකාගාරය පිහිටා ඇත.

මේ දිනවල සෝමාවතී පුදබිම් මාර්ගය අලූත්වැඩියා කටයුතු සිදුවන්නේ එළඹෙන පොසොන් සමයේ වන්දනා සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙනි.

නමුත් එම පූජනීය භූමීය තුළ මෙවැනි කටයුත්තක් සිදුකරගෙන යෑමට ප‍්‍රාදේශීය ලේකම්, ප‍්‍රාදේශීය සභා සභාපති, වන ජීවී නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් ආදී නිලධාරීන් අනුබල සැපයීම බෞද්ධ උරුමයක් විනාශයට පත්කිරීමකි.

සෝමාවතී මාර්ගයේ කුඩා වෙළෙඳ සැලක්වත් තැනීමට අවසර නොදෙන මෙම නිලධාරීන් ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යෑමට අවසර ලබාදීම පිළිබඳව ප‍්‍රදේශවාසිහු විරෝධතාව ප‍්‍රකාශ කර සිටිති.

එමනිසා පූජනීය හා රක්ෂිත භූමියක් තුළ මෙලෙස සතුන් මැරීමට අවසර නොදෙන ලෙස ප‍්‍රදේශවාසිහු බලධාරීන්ගෙන ඉල්ලා සිටිති.

මේ අනුව මුසල්මානුවන් විසින් අප පුජනීය ස්ථානයන් කෙලසමින් යන ආකාරය හොදින්ම පෙනේ. මෙවාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බලධරින් පැකිලෙන්නේ මන්ද ? 

සත්‍ය නිවිස්
www.sathyanews.com


0 comments:

Post a Comment