-

-
  • home
Home » » ඇමේරිකාය සිරියාවට ගැහුවොත් රැසියාව සෞදි ආරාබියට ගහනවා - රැසියන් ජනපති

ඇමේරිකාය සිරියාවට ගැහුවොත් රැසියාව සෞදි ආරාබියට ගහනවා - රැසියන් ජනපති


සිරියාවට එරෙහිව බටහිර ජාතීන් විසින් ප‍්‍රහාරයක් එල්ල කළහොත් සවුදි අරාබියට මහා පරිමාණයේ ප‍්‍රහාරයක් එල්ල කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් රුසියානු සන්නද්ධ හමුදාවන් වෙත නියෝගයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මස මුලදී සවුදි අරාබියානු බුද්ධි අංශ ප‍්‍රධානි බන්ඩාර් බින් සුල්තාන් කුමරු විසින් සිරියාවට රුසියාව විසින් ලබාදෙන සහය අත්හිටුවන්නේ නම් මැදපෙරදිග රුසියාවේ තෙල් වෙළඳපොළ සුරක්‍ෂිත කරන බවට කළ යෝජනාව රුසියානු ජනාධිපතිවරයා නොපිළිගත් බව වාර්තා විය.

සවුදි අරාබියානු පාර්ශ්වය විසින් 2014දී සෝචි නගරයේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල වෙත තමන් විසින් මෙහෙයවන ලබන චෙච්නියානු ගරිල්ලන් විසින් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වනු ඇති බවට වක‍්‍ර තර්ජනයක් සිදුකිරීම පුටින්ගේ නියෝගයට හේතු වී ඇතැයි ක්‍රෙම්ලින ආරංචි මාර්ග පවසා තිබේ.

මේ වසර මුල් භාගයේදී බි‍්‍රතාන්‍යයේ සිට ක‍්‍රියාත්මක වන බිට්හැම් ආරක්‍ෂක සමාගමේ ප‍්‍රධානින් අතර සිදුවූ ඊ මේල් පණිවුඩ හුවමාරුවක් ප‍්‍රතිග‍්‍රහණය කළ රුසියානු චරපුරුෂ අංශ විසින් සිරියාවට පහරදීම සඳහා අවකාශ ලබාගැනීමට ව්‍යාජ රසායනික ප‍්‍රහාරයක් එල්ල කිරීමේ ඇමරිකානු සැලැස්මක් පිළිබඳව රුසියානු රජය දැනුවත් කර තිබූ බව කියවේ.

කෙසේ වුවද සිරියාව සහ සෞදි ආරාබිය යනු දෙකම මුස්ලිමි රටවල් වන අතර මෙම යුද්ධය සිදුවුවහොත් එයින් විනාශ වන්නේද විශාල ලෙස ත්‍රස්ථවාදියට , උල්පන්දමි දෙන මුසල්මි රටවල් වේ. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

2 comments: