-

-
  • home
Home » » අභ්‍යවකාශ අවි භාවිතා කරන්නේ නැ - ලංකාව දිවුරැමි දෙයි

අභ්‍යවකාශ අවි භාවිතා කරන්නේ නැ - ලංකාව දිවුරැමි දෙයි



ඇමරිකාවේ නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සමගාමීව රුසියාව හා ශ‍්‍රී ලංකාව ‘අභ්‍යවකාශය තුළ  ආයුධ භාවිතාවක් නොකෙරේ’ යන ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම ඒකාබද්ධ නිවේදනය සදහා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද රුසියාව වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය සර්ජේ ලැව්රොව්  මහතාද අත්සන් කළහ.

එම ඒකාබද්ධ නිවේදනය හරහා රටවල සාමාජීය ආර්ථික විද්‍යාත්මක හා තාක්ෂණික සංවර්ධනය සදහා අභ්‍යවකාශයේ ක‍්‍රියාකාරකම් වල වැදගත්කම ජාතික හා ගෝලීය ආරක්ෂාව පවත්වාගෙන යාමේදී අභ්‍යවකාශය  ගැටුම් සදහා වන යුධ පිටියක් බවට පත්වීම වැළැක්වීම සදහා වන සියලූ උත්සාහයන් දරන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

එක්සත් ජාතීන්ගේ මහ සම්මේලන සැසිවාරයට සමගාමීව අදාළ ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබීමෙන් අනතුරුව දෙරටේ විදේශ අමාත්‍යවරුන් ප‍්‍රධාන ද්විපාර්ශවික ගැටලූ ආර්ථික සබදතා වර්ධනය කිරීම පිළිබද එකගතාවයන්ට පැමිණි බවද විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුනත් අරමින් කියා සිටී.

එසේම ශ‍්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශවික සහයෝගිතාව සදහන් කරමින් බහුපාර්ශවීය සංසදවලදී රුසියාව ලංකාවට ලබාදෙන සහාය පිළිබදව  ද අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා රුසියා විදේශ අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළේය.

කෙසේ වුවද බයිසිකලයක් , මොරටර් රථයත් , පරිඝණකයක් වත් නිශ්පාදන කර ගත නොහැකි හා එවන් නව සොයා ගැනිමක් ලංකාවේ පුද්ගලයෙක් කලත් එයටවත් අත නොදෙන ලංකාවේ අභ්‍යකාශ තාක්ෂණයේ දියුණුව පිළිබදව තමන් දැඩි සේ බියට පත්ව ඇති බවත් එබැවින් ඇමෙරිකාව ආදි අභ්‍යවකාශ තාක්ෂණයේන් දුරවල රටවල් ලංකාවන් හා රැසියාවෙන් කල ඉල්ලීමකට අනුව අභ්‍යවකාශ අවි භාවිතා නොකරන්නට මෙසේ පොරොන්දු වි තිබේ. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

1 comments:

  1. Mata marenna thienawa OI me wage Joke ahapuwama

    ReplyDelete