මෙවර සිරිපා සමය මෙම මස එනමි 2014/12/06 වන උදුවප් පුන් පොහෝ දිනෙන් ඇරඹෙි. රත්නපුර සමින් දේවාලයේ ගිය වසර සරිපා සමය අවසාන වන විට වැඩමවන ලද සමන් දෙවි ප්‍රථිමාව සිරිපා සමය ආරම්භ වන විට නැවතත් සිරිපා මලුව දක්වා වැඩවීම සිදු කරන අතර ඉන්පසු සිරිපා සමය නැවතත් අවසාන වන්නේ 2015 වෙසක් පොහෝයෙනි. සාමාන්‍යෙයන් පුරා මාස 6 ක් සිරිපා වාරය පවතින අතර වෙසක් පොහෝයන් අවසන් වු පසු එම ප්‍රෙද්ශණයට බලපාන අයහපත් කාළගුණ තත්වය නිසා වන්දනා නඩ එම කාලසිමාවන් තුලදි සිරිපා කරැණා කරන්නේ නැත. මේ වන විට වසර 2600 කට එහා සිරිපා අඩවිය තුල සැගවී තිබු බුදුරදුන් සිරිපා පා සටහන් පිහිටවන අවස්ථාවේ දිවා කාලය ගත කළ දිවාගුහාව ද සොයා ගෙන ඇති බැවින් මෙවර සිරිපා වාරයට පැමිණෙන වන්දනා නඩ සදහා තවත් වැඩි පුජනිය ස්ථානයක් දැක බලා ගැනීමටද නුදුරැ දිනකදීම හැකි වනු ඇත. සබරගමු කදුවැටිය මධ්‍යයේ පිහිටි උසම කන්ද සමනල කන්ද නම් වේ. මෙය උසින් අඩි 7360 වන අතර බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා ලාංජනය මෙහි පිහිටුවා ඇත. සුවහසක් බෞද්ධ ජනීජනයාගේ පූජනීයත්වයට පාත්‍ර වී ඇති ශ්‍රී පාදස්ථානය සුමන සමන් දෙවියන් මෙහි අධිපතීත්වය දරන බවත් සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් මණීඅක්ඛීත නම් නා රජුන්ගේ ප්‍රධානත්වයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂෙයහි වෙසක් පොහෝදින ශ්‍රී පාද ලාංජනය පිහිටවූ බව වංශ කථාවේ සඳහන් වේ. එසේම මෙහි වැසි වනාන්තර ජෛව විවිධත්වය බොහෝය. දිවයිනේ ප්‍රධාන ගංඟා රාශියක්ම ජල මූලාශ්‍රය සමනල කදු වැටියයි. මෙහි හරිත වියන තුළ සමනොල කදුවැටියට පමණක් ආවේනික ශාක බොහෝමයකි.උඩවැඩියා, බේදුරු.......වැනි ශාක බොහෝමයකි. තෙත්කළාපීය වනාන්තරයක් වන මෙය නිජබිම කරගෙන දික් කැකුණ, ගම්මාළු, කුඹුක්, මුගුණ, මොර, බදුල්ල, දඹ, මිල්ල, පෙලෙංග, ආරිද්ද කටමදා වැනි තෙත් කළාපයට ආවේනික ශාක බොහෝමයකි. පහත දැක්වෙන්නේ විවිධ ප්‍රෙදේශ වලින් සිරිපා වන්දනාවේ පැමිණෙන් වන්දනා නඩ සදහා අවශ්‍ය විය හැකි ගමන් විස්තරයකි.
හැටන් හරහා ඇති ගමන් මාර්ගය
මෙම ගමන් මාර්ගය භාවිතා කිරිම සදහා කොළඹ , මහනුවර , අනුරාධපුර ආදි ප්‍රෙදේශ වල සිටින පැමිණෙන වන්දනා නඩ සදහා ළගම ගමන් මාර්ගය වේ. මහනුවර හරහා පැමිණෙන බැතිමතුන් ගමිපොල , නාවලපිටිය , ගිනිගත්හේන හැටන් හරහා මස්කෙලිය ගමන් මාර්ගය ඔස්සේ නල්ලතන්නියට ළගාවිය හැකි අතර එසේ නැතිනමි හැටන් නගරයට නොපැමිණ සෘජුවම ගිනිගත්හේන පසු කල පසු සුලු දුරක් ගමන් ගන්නා විට හමුවන දියගල මං සංධියෙන් නොර්ටන් බ්‍රිජ් , ඩබල් කටින් හරහාද නල්ලතන්නියට ළගාවිය හැකිය. මෙම නොර්ටන් බ්‍රිජ් මාර්ගය හරහා ගමන් ගන්නා ඔබට ලක්ෂපාන දිය ඇල්ලද හමුවේ. එසේම ඩබල් කටින් යනු ලංකාවේ එකම බිංදුවේ (0) කිලෝමිටර් කණුව ඇති ස්ථානයයි. මෙම ගමන් මාර්ගයේ ගමන්ගන්නා වන්දනා නඩ ලක්ෂපාන දිය ඇල්ලෙන් දිය නැමට යැමෙදි ප්‍රෙව්ශමි විය යුතුය. මෙ දිනවල පවතින් අයහපත් කාලගුණය හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශය වාන් දැමිය හැකි බැවින් එවන් අවස්ථාවක් සිදුවුවහොත් ජලය ලක්ෂපාන දිය ඇල්ලට එකතු වන බැවින් මෙ දින වල දිය නෑම වඩාත් අනතුරැ දායක වේ. එසේම මෙම ගමන් මාර්ගයේ ගමන් ගන්නා ඔබට සුමන සමන් දේවාලයද හමුවේ. එය මාවුස්සා කැලේ ජලාශය අසල පිහිටි අතිශය සුන්දර අති පුජනීය ස්ථානයකි. එයද වැද පුදා යාමට ඔබ අමතක නොකල යුතුය. එමෙන්ම කොළඹ සිට අවිස්සාවෙල්ල , යටියන්තොට කිතුල්ගල හරහා පැමිණෙන්න වන්දනා නඩ සදහා කිතුල් ගල යනුද වඩාත් ආකර්ශණිය ස්ථානයකි. මෙම ගමන් මාර්ගයේ පැමිණෙන ඔබට කලුගල හංදියෙන් සෘජූවම ලක්ෂපාන හරහා ඉහත සදහන් කළ ඩබල් කටින් හංදිය වෙත ළගා විය හැකිය. එය කෙටි ගමන් මාර්ගයකි. නැතිනමි ප්‍රධාන මාර්ගය ඔස්සේ ගිනිගත්හේන හරහා ඩබල් කටින් හංදිය වෙත ලගා විය යුතුය. මෙම හැටන් මාර්ගයේ ගමන් ගන්නා විට ඔබට ගමන් විඩාව නිවා ගැනීම සදහා විශාල කඩ සංඛ්‍යාවක් ජනවාරි මස මැද භාගයේ සිට මලුව තෙක් යන තුරැ හමුවේ. රත්නපුර මාර්ගය එතරමි කඩ සංඛ්‍යාවක් හමුනොවේ. එමෙන්ම හැටන් මාර්ගය සෘජු හෙළක් ලෙස දක්නට නොමැති බැවින් බොහෝ වන්දනා නඩ ගමන් මහන්සිය අවම කර ගෙන වන්දනා කිරීම සදහා යොදා ගන්නේ හැටන් ගමන් මාර්ගයයි. රත්නපුර මාර්ගය සෘජුහෙළක් ලෙස ඇති බැවින් ගමන් කිරිම තරමක් අපහසුය. එසේම හැටන් මාර්ගයේ ගමන් ගමන්නා ඔබට සාම විහාරය (ජපන් පන්සල ) , සිත ගගුල , ඉදිකටු පාන , ආදි වැදගත් ස්ථානයන්ද හමුවේ. ශ්‍රිපාද වන්දනාව සදහා ප්‍රථම වර සහභාගි වන වන්දනා කරැවෙක් වේ නමි ඔහු මෙම සිත ගගුල ස්ථානය පසු කිරීමට පෙර එම සිත ගගුලෙන් පිරිසිදු වි ආගමික වතාවත් සිහිකොට මලුව බලා ගමන් ආරම්භ කළ යුතු යැයිද ජනවහරේ මතයක් පවති. එවැනි ප්‍රථම වර සහභාගි වන්නන් හදුන්වනුයේ “කෝඩුකාරයා “ යන නමිනි. මොවුන් ඉදි කටු පානෙදි එයින් ලබා ගත හැකි ඉදි කටිටක ඇලවු දිග නුලක් ඇමිණිය යුතු යැයි තවත් මතයකි.
රත්නපුර ගමන් මාර්ගය
ගාල්ල , මාතර , ආදි ප්‍රෙදේශ වල සිට පැමිණෙන වන්දනා නඩ සදහා ළගම ගමන් මාර්ගයයි. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට නගරයෙන් වමට හැරී කිලෝමීටර් 11.5 ගමන් කළ පසු එරත්න නගරය හමු වේ. එම ස්ථානයේ සිට සිරිපා ප්‍රවේශ මාර්ගය ආරම්භ වේ. තවද රත්නපුර නගර මධ්‍යයෙන් පලාබද්දල දක්වා ඇති මාර්ගයේ ගමන් කළ හැක. මෙම මාර්ග දෙකම කදුමුදුනෙහි හැරමිටිපාන නම් ස්ථානයේදී එකිනෙක යාවන අතර එතැන් සිට ගමන් කළ යුත්තේ එකම මාර්ගයකිනි. එසේම වන්දනා සෙනග අධික වු අවස්ථාවල රත්නපුර මාර්ගයට හෝ හැටන් මාර්ගයට මාරැවිම සදහා මෙම කදු මුදුනේ හැරමිටිපාන ස්ථානයෙන් කුඩා මාර්ගයක් කන්ද වටෙන් රත්නපුර මාර්ගයට ඇත. එය තරමක් වන ගහණ වු මාර්ගයක් වන අතර වන්දනා නඩ සෘජුව භාවිතා කරන මාර්ගයක් නොවේ. එබැවින් එම මාර්ගය භාවිතා කිරම තරමක් භයානක වන්නේ දිවියන් වැනි සතුන් හමුවිය හැකි බැවිනි. එසේම රත්නපුර මාර්ගයේ ගමන්ගන්නා ඔබට ලාංකිය ඉතිහාසයේ විසු ශේෂඨ කිවිදියක වු දෝන ඉසබෙල් පෙරැමාල් කොර්නේලියා හෙවත් සුපුරැදු නාමය වන ගජමන් නෝනාගේ අමිබලම පලාබද්දල ප්‍රදේශයෙදි හමුවේ. අම්බලන්තොට සිට රත්නපුරය දක්වා විහිදී යන ප්‍රධාන මාර්ගය ආරම්භවන්නේ නෝනාගමිනි. ජෝන් ඩොයිලි දිසාපති විසින් ඇයට පිරිනැමූ ගම්වරය වූයේ නෝනාගමය. රත්නපුර ශ්‍රීපාද අඩවියේ පලාබත්ගල පාරේ නෝනාගේ අම්බලම නම් ගිමන්හල ඉතා ප්‍රකටය. ඇය සිහිවීම පිණිස එදා ඉඳි වූවකි. මෙයද රත්නපුර මාර්ගයේ ගමන්ගන්නා වන්දනා නඩ සදහා නැරඹිය හැකි ප්‍රකට ස්ථානයකි.
තුන්සරණේ කවි
මෙම ගමනේ දී හැම දෙනා විසින් නොවරදවා කළ යුත්තක් වූයේ “කට පරිස්සම්” කර ගැනීමය. නුසුදුසු, අවකැපෙන, සිත් රිදවන, ආගමානුකූල ශික්ෂණයට පටහැනි කණ්ඩායමේ සමඟිය බිඳෙන අන්දමේ වචන භාවිතයෙන් වැළකීම සියල්ලන් හට පොදු විනය නීතියක් විය.
ගමනට අයත් පිරිස් හඳුන්වන විශේෂ වචන විය. නඩේ ගුරා යනු නායකයාය. කෝඩුකාරයා යනු පළමු වතාවට එකතුවන අයයි. කිරි කෝඩු යනු පළමු වතාවට යන දරුවාය. දඬු කෝඩු යනු පළමු වතාවට වන්දනාවට එකතුවන වැඩිමහල් අයෙකි. තමා විසින් ගමනට ගෙන යන කළමනා අඩංගු ඔලගුව කෙතරම් බර එකක් වුවද හැඳින්වෙන්නේ “සැහැල්ලුව“ නමිනි. නැහැ, බැහැ තහංචි වචනය, සැහැල්ලුවට අඩංගු දෑ අතර අග්ගලා ප්‍රමුඛ ස්ථානයක් ගනී. අත්බේත් වර්ග, ඉඟුරු, ගම්මිරිස්, කුරුඳු තෙල්, සුදුළූණු නොවරදින දෑය.
වන්දනා ගමන පුරා සිදුකෙරෙන කාර්යයන් ද හඳුන්වන විශේෂ නම් වේ. මෙම පිරිස් කිසි විට යනවා එනවා නොව කරුණා කරනව පමණි. එහෙයින් හැම මුවකම හැම විටකම කරුණාවයි, කරුණාවයි කියනු ඇසිය හැකිය. නගින බසින හැම දෙනටම ඉතා ලෙන්ගතුකමින් ආශීර්වාදාත්මකව “වඳින්න යන මේ නඩේට සමන් දෙවිඳු කරුණාවයි” වැඳලා බහින මේ නඩේට සමන් දෙවිඳු කරුණාවයි” යනුවෙන් ආමන්ත්‍රණය කරනු දැකිය හැකිය. යන එන ඕනෑම අයෙකු ඉඩ ඉල්ලා සිටින්නේ කරුණාවයි, කරුණාවයි, ඉඩ දුන්නොත් කරුණාවයි ආදී වශයෙනි.
ඉතා වැදගත් මතක් කිරිමක්
සිරිපාදස්ථානය යනු අති පුජනීය වු ස්භාවධර්මයේ අපුර්වතම තෙත්කලාපීය ජෛව විවිධත්වයෙන් අනුන ප්‍රෙදේශයකි. එබැවින් මෙහි ඇති ජෛව විවිධත්වයට හා පරිසරයට හානි කිරිම ඔබ අතින් සිදු නොවිය යුතු දෙයකි. නමුත් බොහෝ වන්දනා නඩ විසින් තැන තැන දමා යන පොලිතින් , ප්ලාස්ටික් බොතල් නිසා මේ සුන්දර ප්‍රෙදේශය දැඩි සේ අපවිත්‍ර වීමකට ලක්වන අතර ඒ හෙතුව නිසා නල්ලතන්නියෙන් මලුවට යන මාර්ගයේ පොලිස් මුරපොලක්ද දමා ඇති බැවින් පොලිතින් වැනි දැ පිළිබදව එහිදි පරික්ෂාවට ලක්වේ. එබැවින් මෙවැනි පරිසරය අපවිත්‍ර කරන්නා වු දැ එම ප්‍රෙදේශට රැගෙන යාමෙන් වළකින්න. එසේම ශ්‍රිපාදස්ථානය යනු පුජනීය වන්දනා ස්ථානයක් වන අතර විනෝද චාරිකාවක් සදහා සුදුසු ස්ථානයක් නොවේ. එබැවින් ශ්‍රිපාදය වෙත ළගාවන විට මත්පැන් හා කිසිදු මත්ද්‍රව්‍යක් රැගෙන යාමෙන් වළකින්න. එසේම මෙම පුජනීය ස්ථානයේදි විනිතිව හැසිරීමද ඔබ අතින් සිදුවිය යුතු වැදගත්ම දෙයකි. මෙවැනි දැ පිළිබදව අවධානය යොමු කරන මෙන් මෙවර ශ්‍රිපාද වන්දනා සමයට සහභාගි වන සියලුම හිතවතුන්ගෙන් ඉල්ලා සිටිමි.
බැතිබර මතක් කිරීම - අනාවරණ මාධ්‍ය ජාලය.
(උපුටා ගැනීමේදි උපුටා ගත් ස්ථානය සදහන් කරන්න)