-

-
  • home
Home » » නියෝජ්‍ය ඇමතිකම් දෙන්නේ නැ - ජනපති හකීම් මුසල්මානුවාට කියයි

නියෝජ්‍ය ඇමතිකම් දෙන්නේ නැ - ජනපති හකීම් මුසල්මානුවාට කියයි




ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී පුද්ගල නමක් සඳහන් නොකර කළ ප්‍රකාශයක් නිසා ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාර පක්ෂයක් වන මුස්ලිම් කොංග්‍රසය දැඩි නොසතුටට පත්ව එය අභ්‍යන්තර දේශපාලන ගැටුමකට මෝදු වෙමින් පවතින බව වාර්තා වේ.
මන්ත්‍රිවරු අට දෙනකු අයින් වුණොත් ආණ්ඩුවට තුනෙන් දෙකක බලය පවත්වාගෙන යන් බැරි වෙන බව කියල තිබෙනවායි ජනාධිපතිවරයා ඇමැති මණ්ඩල රැස්වීමේදී කර ඇති ප්‍රකාශයේදී එය කීවේ කවුරුන් විසින්දැයි සඳහන් කර නැතත් ජනාධිපතිවරයා ඒ සඳහන කර තිබෙන්නේ ඇමැති රවුෆ් හකීම් මහතා දෙස එක එල්ලේ බලාගෙනය.

සර්, මගේ මූණ බලාගෙන ඔය කියන්නේ මට නේද කියා, හකීම් මහතා අට දෙනෙක් ඉන්නේ මගේ පක්ෂයෙනේ? කියා අසා ඇත. අටක් නෑ ඉන්නේ පහයි කියා රැස්වීමේ සිටි ඇමැතිවරයෙක් කියා ඇත.

ඇමැති මණ්ඩලය රැස්වීම අවසන් වූ පසු රවුෆ් හකීම් ඇමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ළං වී සර් නියෝජ්‍ය ඇමැතිවරු පත්කරනවා දැයි විමසූ අවස්ථාවේ 'ඔව්' යනුවෙන් ජනාධිපතිවරයා පිළිතුරු දී තිබේ. අපටත් දෙකක් දෙන්නැයි හකීම් ඇමැතිවරයා කළ ඉල්ලීමට දෙන්නේ නැහැ. එකක්වත් දෙන්නේ නැහැ කියා ජනාධිපතිවරයා දැඩි ස්වරයකින් ප්‍රකාශ කළ බව දැනගන්නට ඇත. මේ සිද්ධියෙන් පසු හකීම් ඇමැතිවරයා පසුදිනම විදේශගතවී තිබේ.

0 comments:

Post a Comment