උතුර තමන්ගේ නිජ භූමිය බැවින් යාපනයෙන් වහාම ඉවත්වන ලෙස දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළු පිරිසක් යාපනය නාවන්කුලි ප්‍රදේශයේ වසර ගණනාවක සිට පදිංචිව සිටි සිංහල පවුල් හමුවට ගොස් තර්ජනය කර තිබේ.
එම සිංහල පවුල් 160කට අධික ප්‍රමාණය යාපනයේ මුල් පදිංචිකරුවන් වන අතර යුද සමයේ මිහින්තලයේ යාය හතර ප්‍රදේශයට ගොස් වසර 20ක් පමණ එහි පදිංචිව සිට මීට වසර 03කට පමණ පෙර යළිත් උපන්බිම වන යාපනයේ නාවක්කුලිවලට පදිංචිය සඳහා පැමිණි අය වෙති.
ශ්‍රීධරන් දෙමල සන්ධාන මන්ත්‍රීවරයා හදිසියේම ඔවුන් සිටි ප්‍රදේශයට ගොස් තම නිජභූමියෙන් ඉවත්වන්නැයි ඔවුනට තර්ජනය කරද්දී මෙය තමුන්ටත් අයිති භූමිය නිසා ඉවත්විය නොහැකි බව නාවක්කුලියේ සිංහල වැසියන් පෙන්වා දී ඇත. එසේ නම් පදිංචිය තහවුරු කරන්නට ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි මන්ත්‍රීවරයා ඉල්ලා සිට ඇති අතර එම ලියකියවිලි යාපනය කච්චේරියට භාරදුන් නමුත් තවමත් ඒවාට පිළිතුරු ලැබි නැති බව සිංහල වැසියන් පෙන්වා දී ඇත.
සිංහල දෙමළ ගැටුමක් යළි ඇති නොවන්නට වගබලාගෙන වහාම යාපනයෙන් ඉවත්වන්නැයි දන්වා ශ්‍රීධරන් ඇතුළු පිරිස එතැනින් පිටව ගොස් ඇත.
Source - චරපුරැෂ facebook
සත්‍ය නිවිස්
www.sathyanews.com



අනේ දෙමලුනේ ඉල්ලන් කන්නේ නැතිව හිටපල්ලා ආයේ පාරක්
ReplyDeleteane palayana ban yanna
Delete