-

-
  • home
Home » » ජනපති තුමනි ඔබ බෞද්ධයෙක්ද ?

ජනපති තුමනි ඔබ බෞද්ධයෙක්ද ?


බුද්ධාගම සුරක්ෂිත කරනවායි කියන රජයක රාජ්‍ය ලාංජනය යටතේ මුද්‍රණය වුණු අපූරු ලිපියක් දුටුවෙමි. ඒ ගව ඝාතන පිංකමකට අවසර ඉල්ලමිනි.  ඒ ලිපිය යොමු කර ඇත්තේ අලෙවි මවුලානා විසිනි. මේ වන විටත් ඔබ මේ ලිපිය දැක ඇතැයි සිතමි. රාජ්‍ය ලාංඡනයේ ඉහලින්ම ඇත්තේ ධර්ම චක්‍රයයි. රාජ්‍ය ලාංඡනයේ ඉහලින්ම ධර්ම චක්‍රය ඇත්තේ මන්දැයි අපේ සිංහල බෞද්ධ පාලකයින් තවමත් නොදන්නා හැඩය.

අපේ පාලකයින් නොදත් ඒ කතාව මෙසේ කියාදිය යුතුය. බුද්ධ ශාසනය යනු බෞද්ධ සංස්කෘතියමය. ගව ඝාතන විරෝධයත් බෞද්ධ සංස්කෘතියේම අංගයකි. දැන් මේ ධර්ම චක්‍රයට යටින් ඇති ලිපියේ කෙරෙන ඉල්ලීම බෞද්ධ සංස්කෘතියට කළ නිගාවක් නොවන්නේද?.

එසේම පින්කම යනු බෞද්ධයාට ඉතා සංවේදී වූ වචනයකි. ගව ඝාතනය සිංහල බෞද්ධයා පිළිකෙව් කළ පාපකර්මයකි. සිංහල බෞද්ධයාගේ සංස්කෘතිය හා බැදුණු සංවේදී වචනයකට මෙවන් පාප කර්මයක් ඈදමින් කළ අපහාසය මේ පාලකයින් හට නොපෙනේද?.

තවත් කාරණයක් මෙහිදී සදහන් කළ යුතුය. ආණ්ඩුකාරයා යනු ජනපතිගේ නියෝජිතයාය ආණ්ඩුකාරයාගේ ඉල්ලිම ජනපතිගේ ඉල්ලීමකට සමානය. එවිට මෙම ගව ඝාතන පිංකමකට අවසර ඉල්ලන්නේ ජනපතිගේ නියෝජනයක් වන ආණ්ඩුකාරයෙකි. සිංහල බෞද්ධයෙකු වූ ජනපතිට එහි ඇති බරපතල කමක් පෙනෙන්නේ නැතිද?. ඇත්තටම අපේ ජනපති සිංහල බෞද්ධයෙක්දැයි, බෞද්ධ කම, බෞද්ධ සංස්කෘතිය යනු කුමක්දැයි ඔහු හාංකවිසියක්වත් දන්නවාදැයි දැන් අපට සැක සිතේ.

චරපුරැෂ - Facebook 

Sathyanews.com


3 comments:

  1. Meya Boudayek nwei, Muslim

    ReplyDelete
    Replies
    1. ඇත්තද? නියම සොයාගැනීමක්

      Delete
  2. ඔය දිනකට ගවයින් පන්දාහක් මරණව කියලනෙ කියන්නෙ ඒ මස්වලින් 90%ම කන්නෙ බෞද්ධයොම තමයි මස් කඩේ පෝලිමට ගිහින් බැලුවොත් මොකාද ඉන්නෙ කියල බලාගන්න පුළුවනියි

    ReplyDelete