-

-
  • home
Home » » මැඩිල්ලේහිමිගේ සමිමුඛ සාකාචිචාවට එරෙහිව නිවටයන්ගෙන් මඩ ගැසිමි

මැඩිල්ලේහිමිගේ සමිමුඛ සාකාචිචාවට එරෙහිව නිවටයන්ගෙන් මඩ ගැසිමි


සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් ගරු මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පසුගියදා ceylonUK මාධ්‍ය ජාලයට දුන් සම්මුඛ සාකච්ඡාවක් පිළිබදව මඩ ගැසීමක් දැන් දකින්නට ලැබෙයි. ඒ පිළිබදව නිවැරදි කර දිය යුතු නිසා මේය පළ කරමු.

ceylonUK මාධ්‍ය ජාලය යනු එංගලන්තයේ සිංහල ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රබලම මාධ්‍ය ජාලයයි. සිංහලයන් වෙනුවෙන් පලවෙන ප්‍රධානම පුවත් පතයි. උන්වහන්සේ පුද්ගල චරිතයකට මාධ්‍ය සාකච්චාවක් දුන්නා නොව. මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්චාවක් ලබා දී ඇති බව ඕනෑම අනුවණයෙකුට වැටහෙනවා ඇත. අනෙක් කාරණය වනුයේ මැඩිල්ලේ හිමියන් සම්මුඛ සාකච්චාව දී ඇත්තේ ජාත්‍යන්තරයේ ජාතික සංවිධාන පිළිබදව ඇති මිත්‍ය මත දුරු කිරීම පිණිසය. එය ජාතික සංවිධාන පාවාදීමක් වෙන්නේ කෙලෙසදැයි අපි අසමු.

එල්.ටී.ටී.ඊ සමග එක මේසයේ හිදගෙන සාම සාකච්චා පැවැත්වු පලියෙන් අන් හැමෝම ත්‍රස්තවාදියෝ වේද?. සර්වාගමික පූට්ටුකාරයන් මෙන් උන්වහන්සේ පාදිලියන් සමග පුසාරියන් සමග ලෙබ්බේලා සමග දානය වලදන්නට ගියේ නැත. ක්‍රිස්තියානි බළල්අත්වන නෝර්වේට සාකච්චා පැවැත්වීමට ගියේ නැත. ජාතිය වෙනුවෙන් කැපවීමකින් වැඩ කරන මෙවන් හිමිනමකට මෙසේ මඩ ගැසීමෙන් මෙම පුද්ගලයා කරන්නේ ජාතික සංවිධාන වෙනුවෙනුත්, ජාතික ව්‍යාපාර වලටත් කළ හැකි උපරිම හානියයි.
ජාතික ව්‍යාපාරයේ සිටිනා අයට කතා කිරීමට ඇති පදම් කාරණාවන් තිබියදී ලද ඇසිල්ලකදී ජාතික ව්‍යාපාරයේ හිමිවරුන්ට මඩ ගසන කෙනෙක් ජාතික ව්‍යාපාරය තුළම සිටී නම් ඒ පුද්ගලයා ජාතික ව්‍යාපාරයේ විනාශය උදෙසා කටයුතු කරන්නට සැදී පැහැදී සිටින කෙනෙකු බව නොවැටහේද?.

ජාතික ව්‍යාපාරය විනාශ කරන්නට පැමිණි කද පණුවන් හදුනාගන්නට මේ හොදම වෙලාවයි.

0 comments:

Post a Comment