-

-
  • home
Home » » දෙමළාට ඉන්දියාව , මුසල්මානුවාට අරාබිය , සිංහලයාට ?

දෙමළාට ඉන්දියාව , මුසල්මානුවාට අරාබිය , සිංහලයාට ?


උතුරු පළාතේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේදී සිංහල අනාථයින් සහමුලින් නොසළකා හැර ඇතැයි සිංහල අවතැන්වූවන්ගේ සංගමය පවසයි. උතුරේ දෙමළ ජනයා ඉලක්ක කරගෙන නිවාස 50,000ක ව්‍යාපෘතියක් ඉන්දියාව විසින් නිර්මාණය කරගෙන යන අතර, වාර්තාවන ආකාරයට මෙවැනිම නිවාස යෝජනා ක්‍රම ගණනාවක් අරාබි රටවල් විසින් මුස්ලිම්වරුන් සදහාද නිර්මාණය කර තිබේ. මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව නූර්නියා නම් නිවාස 100ක ව්‍යාපෘතිය කටාර් රාජ්‍යය විසින් ඉදිකරදෙනු ඇත. ඒ සඳහා වූ ලිපිය මගින් දෝහා – කටාර් හි ෂෙයික් ජසීම් බින් ජබොර් අල් තානි අමතා ඇති අයුරු (2013-01-11) පැහැදිලි වේ. සවුදි අරාබිය, කුවේටය හා ඉරානය ද මේ සඳහා ඉදිරිපත් වී ඇති අතර, පාකිස්තානයෙන්ද ඉල්ලීම් කර ඇති බව වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව හෝ රජය සිංහල සරණාගතයින්ට නැවත පදිංචි වීම සඳහා ගඩොල් කැටයක් හෝ ලබාදුන හොත් එය උතුරේ සිංහලකරණය ලෙස හංවඩු ගැසීමට දෙමළ සන්ධානය, මන්නාරම බිෂොප් රායප්පු ජෝසප් ආදීන් කටයුතු කරන බව සිංහල සංවිධානවල චෝදනාවයි. 1971දී යාපනයේ පමණක් සිංහලයන් 21,000ක් ජීවත් වූ අතර, ස්වභාව වර්ධනය අනුව එය දැන් 40,000ක් පමණ විය යුතුය. මුළු උතුරු හා නැගෙනහිර පළාත්වලින් පලවාහරින ලද සිංහලයන් ප්‍රමාණය එක්ලක්ෂ විසිදහසක් පමණ වන අතර, මුස්ලිම්වරුන්ගේ ප්‍රමාණය හැට දහසක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. යුද්ධයේදී 99.0%ක් ජීවිත පූජාවෙන් උතුර මුදා ගත්තේ සිංහල දරුවන් වුවද, එහි ඓතිහාසිකව වාසය කළ සිංහලයන්ට උතුර අහිමිවීම ගැන තමන්ට මහත් කම්පාවක් ඇතැයි උතුරේ අවතැන්වූ සිංහල සංගමය පවසයි.

තම ඛේදවාචකය ගැන ලෝකයේ අවධානය යොමුකර ගැනීම සඳහා මහා සමුළුවක් පැවැත්වීමට ඔවුන් අදහස් කරන බවද වාර්තාවේ.

(මෙම සිදුවීම්වලට අදාල ලිපි ගනුදෙනුවල පිටපත් පහත ලින්කුවෙන් දැක්වේ)







0 comments:

Post a Comment