-

-
  • home
Home » » මොරටු සරසවියෙන් බුර්කාව විසිවෙයි -

මොරටු සරසවියෙන් බුර්කාව විසිවෙයි -


මුස්ලිම් කතුන් සිය මුහුණ සම්පූර්ණයෙන් වසා දමමින් පළඳින නිකාබ් හා බුර්කා පැළඳීමට මොර‍ටු විශ්වවිද්‍යාලය අවසර නොදේ. උපාධි අපේක්ශක සිසුවියන් දෙදෙනකු මීට මාස කිහිපයකට පෙර මේ සඳහා මොර‍ටු විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලූ අවසරයක් මත විශ්වවිද්‍යාලයීය නේවාසික හා විනය කමි‍ටුව හා සෙනෙට් සභාව මේ තීරණය ගෙන තිබේ. මෙවැනි අවසරයක් මොර‍ටු විශ්වවිද්‍යාලයෙන් ඉල්ලූ පළමු අවස්ථාවද මෙය වේ.


උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ නිකාබ් හා බුර්කා පැළඳීම විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටීන්ට බධාවක් වන බවත් ශිෂ්‍යා ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇති වන බවත්ය. මේ අනුව එම විශ්වවිද්‍යාලය තුළ මුස්ලිම් ශිෂ්‍යාවන්ට පැලැඳිය හැක්කේ මුහුණු ආවරණය නොවන හිජාබය පමණි.

බුර්කාව විවිධ අවස්ථාවන්හිදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ අවස්ථාවන් එමටය. එහෙත් ඒ කිසිදු අවස්ථාවක බුර්කාව තහනම් කරන්නට කිසිදු පාලකයෙකුට කශේරුකාවක් තිබුණේ නැත. පසුගියදා හෙල්මට් තහනම පවා ඉවත් කර ගැනුණේ බුර්කාවට තර්ජනයක් වේ යැයි අවදානමක් තිබුණු නිසාවෙනි. එහෙත් මොරටු විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරය විසින් කිසිවෙකුට හිස නොනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව ගැන සිතමින් මේ ගත් නිර්භය තීරණයට අප හිස නවා ආචාර කළ යුතුය.

2 comments: