-

-
  • home
Home » » මුසල්මානුවන්ට එරෙහිව ප්‍රංශයෙන් ප්‍රහාර ඇතිවෙන ලකුණු

මුසල්මානුවන්ට එරෙහිව ප්‍රංශයෙන් ප්‍රහාර ඇතිවෙන ලකුණු




සුළු ජාතීන්ට විශේෂ වරප්‍රසාද දීමට හා ඔවුන්ගේ අවශ්‍යතා මත නීතිය වෙනස්‌ කරන්නෙත් නැහැ මීට ඉහදී රුසියානු ජනාධිපති පූටින් ප්‍රකාශ කළ අතර වාර්ගික ජනතාව රුසියාවේ වාසය කළ යුතු නම් ඔවුන් රුසියානු භාෂාව ඉගෙනගත යුතු අතර රුසියාවේ නීතිරීතිවලට ගරු කළ යුතු යෑයි පාර්ලිමේන්තුව අමතා පැවසීය.


‘ඔවුන්ට ෂරියා නීතිය අවශ්‍ය නම් එම නීතිය ක්‍රියාත්මක කරන ස්‌ථානවලට යා යුතුයි. අපි වාර්ගික ජනතාවට විශේෂ වරප්‍රසාද නොදෙන්නෙමු. එසේම ඔවුන්ගේ අවශ්‍යතාවය මත නීතිය වෙනස්‌ නොකරන්නෙමු යෑයි’ හෙතෙම තවදුරටත් පළ කළේය. මෙහිදී පුටින් වෙත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්පොලසන් දුන්හ.

ප‍්‍රංශයේ ලියොන් නගරයේ එල් ෆොර්කානේ මුස්ලිම් දෙව්මැදුරට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා 23 හැවිරිදි හමුදා නිලධාරියෙකු සූදානම් වී ඇත. අන්තවාදී මුස්ලිම්වරුන්ට එරෙහි මතවාදයේ නැගීම සනිටුහන් කරන බවට ඔවුන් පවසා තිබේ.

ප‍්‍රංශයේ පවතින ඉස්ලාම් භීතිකාවේ වර්ධනය කිසිවකුට නොතකා හැරිය නොහැකි බවත් හමුදාව තුළ මෙවැනි තත්වයක් මතුවීම අන්තවාදී මුසලනුවන්ට විරුද්ධ මතවාදය හමුදාව කරා ගලා එමින් පවතින බවට සාක්‍ෂියක් බවත් ඔවුහු පවසා ඇත.

මුස්ලිම්වරුන් දැඩි බියකින් පසුවන බවත් කාන්තාවන් නිවසින් බැහැරවීමට බියෙන් සිටින බවත් පසුගිය වසරට සාපේක්ෂව මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් 60%කින් වර්ධනය වී ඇති බව දක්වන සිටී.

මිලියන 5ක මුස්ලිම් ජනගහනයක් සහිත ප‍්‍රංශය තුළ පසුගිය වසරට සාපේක්ෂව මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් සංඛ්‍යාව 298 සිට 469 දක්වා වර්ධනය වී ඇති බවත් දේවස්ථානයන්ට එල්ල කළ ප‍්‍රහාරයන් 40 දක්වා දෙගුණයකින් වැඩි වී ඇති බවත් සඳහන් වේ.

මුස්ලිම් කාන්තාවන්ට මුහුණ ආවරණය කෙරෙන නිකාබය සහ බුර්කාව පැළඳීම තහනම් කරන නීතියක් 2011 සිට ප‍්‍රංශයේ ක‍්‍රියාත්මක වන අතර පසුගියදා අනුකලනය පිළිබඳ ඉහළ කවුන්සිලය මගින් විශ්වවිද්‍යාල තුළ මුස්ලිම් හිස් ආවරණ ඇතුළු ආගමික සංකේත පැළඳීම තහනම් කිරීමට නිර්දේශ කර ඇති බවද වාර්තා වේ.

ලිපි උපුටන - සිංහල රාවය සංවිධානයේ පිටුවෙන්

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment