-

-
  • home
Home » » මුන්නේෂ්වරමි බිලි පුජාවට එරෙහි රාවය උද්ගෝෂණය තහනමි

මුන්නේෂ්වරමි බිලි පුජාවට එරෙහි රාවය උද්ගෝෂණය තහනමි



හලාවත මුන්නේෂ්වරම් කෝවිල අසළ ලබන 22 දක්වා පෙළපාලි උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමින් හලාවත අතිරේක මහේස්ත්‍රාත් කේ.කේ.ලියනගේ මහතා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය. 

සත්ව බිලි පූජාවට එරෙහිව කෝවිල ඉදිරිපිට කිසියම් පාර්ශවයක් උද්ඝෝෂණයක් කිරීමට සූදානම් බව සැකයැයි පොලීසිය කළ ඉල්ලීමකට අනුව අධිකරණය මේ නියෝගය ප්‍රකාශ කළේය.

කෙසේ වුවද මෙම උද්ගෝෂණය සංවිධානය කරන්නේ සිංහල රාවය සංවිධානයයි.  එය පවත්වන්නට තීරණය කර තිබුයේ අගොස්තු මස 21 වන දින වන අතර මුන්නෙෂ්වරමි කොවිලේ මෙ වර පවත්වන්නට යෙදි තිබු මහ සත්ව සංහාරයද අත් හිටවුයේ සිංහල රාවය සංවිධානයෙන් කළ  බලපෑමට අනුවයි. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

3 comments:


  1. සිවුර පැළද සොරකමේ යෙදුනු කපටි පුද්ගලයෙකු මාතලේ මූලස්ථාන පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ(15) ලග්ගලදි අත් අඩංගුවට ගෙන ඇත . සැකකරු කාලයක් සිවුරු දරා පසුව උපැවදිව ගිහි ගෙයට ඇතුලුවි ජීවත්වීමට සොරකම් කළ අයෙකු බව පොලිස් විමර්ශණයේදී අනාවරණයවි ඇත. බිරිද ජීවත් කරවීම සදහා පැවිද්දෙකු ලෙස විහාරස්ථානවලට ගොස් විහාරවාසි භික්ෂූන් වහන්සේලාගේ දේපොල සොරා ගැනීම සැකකරු විසින් කාළයක් තිස්සේ කර ඇති බවත් මාතලේ පොල්කොටුව ප්‍රදේශයේ විහාරස්ථානයකින් රුපියල් 50000/- ක මුදල් හා ඩිජිටල් කැමරාවක් සොරා ගත් බවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනයකර ලග්ගල මිනිරන්කැටිය ප්‍රදේශයේ බිරිදගේ නිවසේ රැදි සිටි සැකකරු අල්ලා ගැනීමට හැකිවූ බවත් පොලිසිය කියයි. සැකකරු සන්තකයේ තිබු සිව්රක් සහ පොල්කොටුව පන්සලෙන් සොරා ගත් බවට සැලකෙන ඩිජිටල් කැමරාවද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

    (හේවා පී.කරුණාරත්න - ‍මාතලේ දිස්ත්‍රික් )

    ReplyDelete
    Replies
    1. Siuru hariyanam, tho mokada Oka dan methana damme, yako, uta Buddha darmaya ekka inna bari hinda thamai, siura atha arala gihilla thiyenne

      Delete
  2. මේවගැනත් එරෙහිවන්න කියමුද ඔය රාවයට

    සමලිංගික මධ්‍යස්ථානයක්
    ප්‍රභාන් බුලත්සිංහල

    ගල්කිස්ස පොලිස් වසමට අයත් රත්මලාන ප්‍රදේශයේ ධම්මිකාරාම විහාරය ඉදිරිපිට දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය සමලිංගික සේවා මධ්‍යස්ථානයක් වටලා අත්අඩංගුවට ගත් එහි කළමනාකරු තරුණියක ඇතුළු සිවුදෙනකු ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ජී.පී.එස්. රණසිංහ මහත්මිය වෙත ඉදිරිපත් කළ පසු ඔවුන් අගෝස්තු 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

    සෝදිසි වරෙන්තුවක් මත ඉකුත්දා වලාන දූෂණ මර්දන ඒකකය මඟින් කළ සෝදිසියේදී සැකකරුවන් සතුව තිබී උපත් පාලන කොපු 285ක්, ජෙල් වර්ග, අසභ්‍ය වීඩියෝ, සී.ඩී. පට හා අසභ්‍ය සඟරා තොගයක්ද හමුවී ඇත.

    මෙම ස්ථානය පිරිමි සමලිංගිකයන් අලෙවි කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර ඊට අනුබල හා උපකාර ලබාදෙන රාජ්‍ය නොවන සංවිධානවල ලිපි ලේඛන හා පිරිමි දෙපළක් විවාහ වූ විවාහ සහතිකයක්ද හමුවී ඇත.

    මොරටුව, ගල්කිස්ස, රත්මලාන ඇතුළු ප්‍රදේශවල පාසල් සිසුන්ද මීට ගොදුරු වී ඇතැයි පැවැසේ. ඉකුත් 16දා පිරිමි - පිරිමි විවාහ උත්සවයක්ද උත්කර්ෂවත් ලෙස මෙහිදී පවත්වා ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

    ReplyDelete