-

-
  • home
Home » » ශරියාව එළිපිට - සමන්තුරෙදි ශරියාව අනුව බෙල්ල කපා මරාදමයි

ශරියාව එළිපිට - සමන්තුරෙදි ශරියාව අනුව බෙල්ල කපා මරාදමයි



2013 දෙසැම්බර් මස 13 වැනිදා (ඊයේ) උදේ දහයට පමණ අම්පාර සමන්තුරේ 8වන පටුමගේ කන්ද උඩ පිහිටි ජමියිතුල්තු පල්ලියේදී ශරීයා නීතියට අනුව මුස්ලිම් ජාතිකයකු මරා දමා ඇති බවට තහවුරුකරගත් ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග හරහා අපට දැනගැනීමට ලැබී තිබේ. මරණ දඩුවම ක්‍රියාත්මක කරන අවස්ථාවේ කඩුගත් මුස්ලිම් අන්තවාදීන් 20කට ආසන්න පිරිසක් විසින් රැකවරණය සපයා ඇති අතර සියැසින් දුටුවන් කරකියා ගත හැකි දෙයක් නැතිව භීතියෙන් ගල් ගැසී බලා සිටි බව සදහන් වේ. මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම පල්ලිය තුළ ඉතාමත් රහසිගත ලෙස පුද්ගලයන් කිහිප දෙනෙක් ශරීයා නීතියට අනුව මරා දමා ඇති ඇති බව වැඩි දුරටත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

මේ රටේවත් නැති බිහිසුණු අන්තවාදී සාහසික ගෝත්‍රික නීති එළිපිටම ක්‍රියාත්මක කිරීමට තරම් මුස්ලිම් අන්තවාදය සිංහල දේශය තුළ කොතරම් බලවත් වී ඇත්දැයි සිතා ගැනීමට තවත් කරුණු අවශ්‍යද? පසුගිය දිනවලදී නින්දවූර් හි දී ඇතිවූ ගැටුමේ දී පල්ලියේ අවසර නොගෙන මින් පසුව රාජකාරි සදහා ආ‍ නොහැකි යැයි අණ කරන තරමට අන්වාදයෙන් මත් වූ මුස්ලිම් දේශපාලුවන්ද බලවත් වී තිබිණි. හමුදාව ආධාර පුද්ගලයන් දෙදෙනෙකුට කඩු පහර දී ඇති බවද වාර්ථා විය. අද නැගෙනහිර පළතේ රජ කරන අන්තවාදීන් රටේ සිවිල් නීතිය පිළිගැනීමට සූදානම් නැත. ශාරියා දේව නීතියේ අණ එළිපිටම ප්‍රකාශ කිරීමට තරම් නැගෙනහිර පළාත අරාබි මුස්ලිම් අන්තවාදයේ කෙළිබිමක් වෙත්දී රට අභ්‍යන්තරයේද වහාබ්, ජිහාද් වැනි අති බිහිසුණු ඉස්ලාමීය මූලධර්මවාදී සංකල්ප මුස්ලිම් ප්‍රජාව අතර ව්‍යාප්ත කරමින් තමන්ට රිසි සේ ක්‍රියාත්මක වීමට කාලකන්නි සිංහල දේශපාලුවන්ගෙන් අනුග්‍රහයෙන් මුස්ලිම් මූලධර්මවාදීන් ඉඩකඩ සලසා ගනිත්දී බලපෑම් කළ හැකි සෑම තැනකටම රිංගාගත් මුසල්මානු දේශපාලකයින් අනාගත මුස්ලිම් දේශයක් වෙනුවෙන් නීතිමය පදනම මේ වන විටත් ගොඩනගාගෙන අවසානය.

හලාල් මගඩිය හරහා ශරීයා නීතිය සමස්ථ සමාජය මතම බලහත්කාරයෙන් පටවමින් ශරීයා නීතිය රට තුළ ක්‍රියාත්මක කිරීම අත්හදා බැලූ මොවුන් එහි ඉදිරිපියවර තබමින් ශාරියා නීතිය ප්‍රවර්ධනය කිරීම සදහා අරාබි අධාර ඇතිව වෙනම විශ්ව විද්‍යාල පීඨයක් පවා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කර ගැනීමට සමත් වූහ. නීති පද්ධතිය අල්ලේ නටවන රාවූෆ් හකීම් හරහා ශරීයා නීතියේ මූලික පදනම වූ ක්වාසි අධිකරණ රට පුරා ස්ථාපිත කළහ. රට පුරා දහම් පාසල් නමින් ස්ථාපිත කරගෙන ඇති මද්රසා පාසල් තුළ ආරබියෙන් සංක්‍රමණය වූ මූලධර්මවාදී ගුරුවරුන් හරහා ශරීයා නීතියට අනුව මුස්ලිම් දරුවන්ගේ මොළ ශෝධනය කරමින් අනාගත ත්‍රස්තවාදීන් බිහි කිරීමේ කාර්යයද නිරුපද්‍රිතව කරගෙන යති.

අද නිළ නොලත් ලෙස ශාරියා දණ්ඩ නීතියත් ක්‍රියාත්මක කිරීමට තරම් මොවුන් බලවත් වී ඇත්නම් තවත් දශක කිහිපයකින් මේ රටේ පාලන බලයත් ඩැහැ ගත්තොත් නීති පද්ධතිය තුළටද ශාරියාව අනුගත කිරීමට ඔවුන් දෙපාරක් නොසිතනු ඇත. ලෝකය පුරා මුස්ලිම් වර්ධනය බලවත් වූ සෑම රටකම ක්‍රියාත්මක වූ ඓතිහාසික සංසිද්ධිය එයයි. 

4 comments:

  1. අධම මුරුග නීතිය ලංකාවට නොගලපෙන හෙයින් ඉක්මනින් මෙය නවතා දැමිය යුතු වගේම එසේ කල පල්ලි ගුබ්බැයම වසා දැමිය යුතුයි හිස ගැසුවන් නිතිය හමුවට ගෙනවිත් දඬුවම් කල යුතුයි

    ReplyDelete
  2. කොච්චර මාද්‍යෙන් පෙන්නුවත් රජයේ තවමඇස් ඇරිලා නැති හැඩයි

    ReplyDelete