-

-
  • home
Home » » බොදු දරැවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න

බොදු දරැවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න



අනුරාධපුර ප්‍රදේශයේ ජීවත්වන බරපතල ලෙස ආර්ථික වශයෙන් අපසහුතා ඇති අවශ්‍යතාවය තදින්ම දැනෙන සිංහල බෞද්ධ දරුවන්ට ලබන පාසල් වාරය සඳහා අවශ්‍ය පොත් සහ අනෙකුත් උපකරණ ලබන වසර පුරාවටම ප්‍රමාණවත් පරිදි ලබා දිම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. දැනට අප සංවිධායක මණ්ඩලය විසින් අවශ්‍යතාවය ඇති හඳුනාගත් ළමුන් 60ක් සිටින අතර එම ළමුන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබති. උසස් පෙළ හදාරන ළමුන් කිහිප දෙනෙකුද හමු වී ඇත. 

ළමුන් තෝරාගත් ක්‍රියාපටිපාටිය: 

01. උග්‍ර සිංහල බෞද්ධ ළමයින් වීම (කලවම් සිංහලයින් නොමැත)
02. ළමුන් දහම්පාසල් අධ්‍යාපනය ලැබීම 
03. දැඩි ආර්ථික අපහසුතාවක් තිබීම 
04. පියා බේබද්දෙකු නොවීම 
05. මව යහපත් අයෙකු වීම 
06. පවුලේ ළමුන් සංඛාව වැඩිවන තරමට ප්‍රමුඛතාවය ලබා දීම 
07. රෝගී මවක හෝ පියෙකු ඇති නම් 
08. ගමේ පන්සල හා සම්බන්ධව සිටීම වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතාවය දීම 

6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා ළමයකු වෙනුවෙන් යෝජිත පොත් සහ උපකරණ කට්ටලය: 

01. පිටු 200 තනිරූල් පොත් 09 
02. පිටු 160 තනිරූල් පොත් 03 
03. පිටු 120 තනිරූල් පොත් 03 
04. පිටු 200 කොටු රූල් පොත් 02 
05. කවකටු පෙට්ටිය 
06. පාට පැන්සල් පෙට්ටිය (අවශ්‍ය අයට) 
07. දිය සායම් පෙට්ටිය (අවශ්‍ය අයට) 
08. පැස්ටල් පෙට්ටිය (අවශ්‍ය අයට) 
09. පිටු 120 චිත්‍ර පොත (අවශ්‍ය අයට) 
10. නිල් පෑන් 06 
11. කළු පෑන් 01 
12. රතු පෑන් 01 
13. පැන්සල් සහ මකන 
14. පාසල් බෑගය 

10-11 ශ්‍රේණිවල ළමුන් සඳහා යෝජිත පොත් සහ උපකරණ කට්ටලය: 01. පිටු 200 තනිරූල් පොත් 12 
02. පිටු 160 තනිරූල් පොත් 03 
03. පිටු 200 කොටු රූල් පොත් 02 
04. කවකටු පෙට්ටිය 
05. පාට පැන්සල් පෙට්ටිය (අවශ්‍ය අයට) 
06. දිය සායම් පෙට්ටිය (අවශ්‍ය අයට) 
07. පැස්ටල් පෙට්ටිය (අවශ්‍ය අයට) 
08. පිටු 120 චිත්‍ර පොත (අවශ්‍ය අයට) 
09. නිල් පෑන් 07 
10. කළු පෑන් 01 
11. රතු පෑන් 01 
12. පැන්සල් සහ මකන 
13. පාසල් බෑගය 
14. ප්‍රස්තාර පොත 
15. විද්‍යා පොත 
16. සෞන්දර්ය විශය සඳහා අවශ්‍ය අනෙකුත් පොත් අවශ්‍ය අය සඳහා ලබන වසර පුරාවට අප සංවිධානය මගින් මෙම ළමුන්ගේ ප්‍රගතිය පරීක්ෂා කිරීමේ ක්‍රම වේදයක් සැලසුම් කර ඔවුන්ගේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන අතර ඒ පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමට නිසි පියවර ද ගනු ඇත. ඔබගේ සහය පල කිරීම මෙම මස 20 (20.12.2013)ට ප්‍රථම අප වෙත ලබා දීමට කටයුතු කිරීම ප්‍රශංසනීය වේ. මෙම මස 28 දින මෙම පොත් සහ උපකරණ බෙදා දීම සිදු කෙරේ. එම බෙදා දීම උත්සවාකාරයෙන් පවත්වා තවත් මුදලක් නාස්ති කිරීමේ වැඩක් සිද්ද නොවන අතර එම අදාල ළමුන්ගේ නිවසටම ගොස් ඒවා බෙදා දීම සිදු කෙරේ. එම සියළු අවස්ථාවන් අප සංවිධානයේ මාධ්‍ය කණ්ඩායම මගින් ආවරණය කොට ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරනු ඇත. මේ සම්බන්ධයෙන් සියළු විමසීම් පූජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි, ශ්‍රී සාරිපුත්තාශ්‍රමය, දකුණුවාසල පාර, පූජා නගරය, අනුරාධපුර මගින් ද, දුරකතන අංක 0714193656 මගින් ලබාගත හැක. තෙරුවන් සරණයි. උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා... 

0 comments:

Post a Comment