-

-
  • home
Home » » අගමැති කුඩිඩා අත්අඩංගුවට ගනු -

අගමැති කුඩිඩා අත්අඩංගුවට ගනු -


මෙරටට මත්කුඩු ගෙන්වමින් දුරාචාරවල යෙදෙන තම ලේකම්වරයා හෙළි නොකරන්නේ නම් සහ ඊට අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහය නොදක්වන්නේ නම් අගමැති දි.මු. ජයරත්න මහතා වහා අත්අඩංගුවට ගන්නැයි ඉතා වගකීමෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව පැවසුවේ ගංගොඩවිල සෝම හිමියන්ගේ දසවැනි ගුණ සමරු උත්සවය මහරගම ඉසිරිපතනාරාමයේදී අමතමිනි.

අගමැති ලේකම්වරයා සමඟ ඔහුගේ සහචරයන්ද අත්අඩංගුවට ගෙන මෙරට මත්කුඩු ජාවාරමේ නිරත ප‍්‍රධාන පුද්ගලයන්ගේ නම් හෙළි කරන්නැයිද කී උන් වහන්සේ මෙසේද කීහ.

‘කුඩු කන්ටේනරය ගැන අගමැතිතුමා කියන්නේ ලේකම්වරුන් ලියුම් ලිවුවාට ඒක කියවන්න වෙලාවක් නැති බවයි. අගමැතිට ලියුම් කියවන්න වෙලාවක් නැතිනම්, විශ්වාසදායී නිලධාරියෙක් නැතිනම් අයින් වන්න  ඕනෑ. තමන්ට ශක්තියක්, සිහි කල්පනාවක් නැතිනම් අගමැති පදවියෙන් අයින් වෙන්න. රටට කරන ලොකුම සේවය ඒකයි’

කේසේ වුවද පසුගිය දිනක මෙම ලිපි දුන්නේ තමන් බව අගමැති දිමුද පිළිගෙන තිබේ. එසේම බුද්ධශාසන ඇමති වශයෙන් සිටින සමයේ පවා මොහුගෙන් සිදුවු කිසිදු සේවාවක් නැ. මෙරටේ ප්‍රධාන ආගම බුද්ධාගම වුවද මොහගේන සියලු සේවාවන් සිදුවුයේ මුසල්මානුවන්ට පමණි. එසේම කුඩු කෙන්ටේනරය නිදහස් කර ගන්නට ලිපි දුන්නානමි මෙරටට කුඩු ගෙන්වන ප්‍රධාන පුද්ගලයන්ද මොහු හොද හැටි දනි. කුඩු ග්‍රෑමි 1 ක් ලග තබා ගත්තත් හිරේ දමන මේ කාලේ කෙන්ටේනරයක්ම නිදහස් කිරීමට ලිපි දුන් අපරාධ කාරයෙක් නිදැල්ලේ සිටින්නේ කෙසේද ? නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද ? 

0 comments:

Post a Comment