-

-
  • home
Home » » අනවසර යාංඥා මඩු ඉවත් කරනවා කියු ජනපති තින්දුව කෝ ?

අනවසර යාංඥා මඩු ඉවත් කරනවා කියු ජනපති තින්දුව කෝ ?



හික්කඩුවේ පිහිටි මිල්ල ශ්‍රී විවේකාරාමය විහාරයට පෙරේදා රාත්‍රියේ කතෝලික අන්තවාදීන්ගේ ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.එම විහාරස්ථානය අවට අනවසර කතෝලික යාඥා මඩු හතරක් පිහිටුවාගෙන ඇති අතර අවට වූ බෞද්ධයින් සීග්‍රයෙන් බලහත්කාරයෙන් අන්‍යාගම්කරණයට ලක් කරමින් පවතියි. මේ තත්වය නිසා බෞද්ධ විහාරස්ථානයට පවා තර්ජනයක් එල්ල වන තැනට පැමිණි විට විහාරාධිපති පුජ්‍ය බඹරවානේ ධම්මසිරි හිමියෝ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලාද, ගම් වාසීන්ද රැස් කොට අන්‍යාගම්කරණයෙන් බෞද්ධයා ගලවා ගන්නට දැනුවත් කිරීමේ රැස්වීමක් පවත්වා ඇත. ඒ මීට දින හතරකට පමණ පෙරය. 



ඒ පිළිබදව දැනගත් කතෝලික ආක්‍රමණිකයෝ පෙරේදා රාත්‍රියේ පැමිණ පන්සලට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළහ.

“යාඥා මධ්‍යස්ථාන අයින් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.. අපි මේකෙන් යන්නෙත් නෑ.. තොපිට ඉන්න බැරි නම් තොපි පලයල්ලා..“ කියමින් කෑ කෝ ගසමින් මොවුන් පන්සලේ හිමිවරුන්ට තර්ජනය කර ඇත. කුඩා සාමනේර වරුන්ගේ ආරක්ෂාව පිළිබදව සලකා නායක ස්ථවිරයෝ පන්සලේ දොරගුළු දමා පන්සල තුළට වී ඉන්නට සැලැස්වූහ. 

ඊයේ දිනයේදී මේ පිලිබදව හික්කඩුව පොලිසියට පැමිණිළි කළ උන් වහන්සේ අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් වන මීවනපලානේ ධම්මරතන හිමියන් සහ පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසට තත්වය පැහැදිලි කර දුන්හ. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඉතා ඉක්මනින්ම අත් අඩංගුවට ගන්නා බව පොලිස් ස්ථානාධිපති වරයා විසින් විහාරාධිපති හිමියන්ට පොරොන්දු වීය.

එදා සිංහල රාවයේ පාගමන අවසාන වූ දින ජනපතිතුමා වුණු පොරොන්දුව අපට හොද හැටි මතකය.

“තැන් තැන් වල තියෙන අනවසර යාඥා මඩු වහා ඉවත් කරනවා“ යැයි ජනපතිතුමා කීවේය.

එහෙත් ඉවත් කිරීම කෙසේ වෙතත් දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් ඒ අනවසර යාඥා මඩු අළුතින් ඉදිවෙයි. එපමණක් නොව ඒවා දැන් අපේ පන්සල් වලට තර්ජනයක්ද වෙමින් පවතියි.

news by - චරපුරැෂ facebook

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment