-

-
  • home
Home » » අරාබියට මදිවට ඉරාකයේ වහල් සේවයටත් ශ්‍රිලාංකිකයෝ -

අරාබියට මදිවට ඉරාකයේ වහල් සේවයටත් ශ්‍රිලාංකිකයෝ -


ඉරාකයේ ඉදිකිරිම් අංශයේ දූත පිරිසක් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්වින. එහිදී ඉරාකය හා ද්විපාර්ශවීය සබදතා තර කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැන සාකච්ඡා කෙරුණි.




ඉරාකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාවෙන් ගතහැකි සහයන් බොහෝ ඇතැයි මෙහිදී සදහන් වුනි. ඉරාකයේ රැකියා අවස්ථාවන්ට ලාංකිකයින් යැවීමද එයින් එක් කරුණකි.




ඉරාක දූත පිරිසට නායකත්වය සැපැයූයේ එරට කම්කරු හා සමාජ සම්බන්ධතා අමාත්‍ය නසාර් අල් රුබායි මහතාය. ඉරාකය හා යළිත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති කර ගැනීමට පෙරට පැමිණීම ගැන ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්තූතියද පුද කර සිටියේය. 




බොහෝ රටවල් ඉරාකය දකින්නේ ඉතාම අනතුරු දායක රටක් වශයෙනි. යුද්ධයෙන්ද අන්තවාදී ඉස්ලාමයෙන්ද අන්තරාදායක වුණු එවන් රටකට අපේ රටේ මිනිසුන් වහල් සේවයට යවන්නට සැරසෙන මේ සූදානම කුමක්ද?




ලෝකයේ මෙපමණ හොඳ රටවල් තිබියදී ලෝකයේ තියෙන දරුණුම ත්‍රස්තවාදීන් සිටින සහ සංචාරකයින්ට පවා යෑමතහනම් රටකට අපේ රටේ ශ්‍රමිකයන් යවන්නේ ඇයි?.




අරාබින්ගේ සල්ලි වලට අපේ රටේ මිනිසුන් දංගෙඩියට දැක්කීම සාධාරණද?. මහින්ද චින්තනයෙන් රටට ගෙනෙන ආශ්චර්යය මෙයද?.

1 comments:

  1. මේක මහින්දයටම ගිට රටනේ ඔයි..මොන .......ද මන්දා

    ReplyDelete