කැසිනෝ ව්‍යාපාර ඇතුළු දුරාචාරවලට විරෝධය පළ කරමින් අභිමානී කාන්තා සංවර්ධන පදනම කාන්තාවන් දස ලක්ෂයකගේ අස්සනින් යුතු දැවැන්ත විරෝධතා පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදීමට සූදානම් වෙයි.
කැසිනෝ ඇරඹීම ඇතුළු සමාජ විරෝධි කටයුතුවලට විරෝධය පළ කරමින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් ළඟඳීම පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවත් මෙම විරෝධතා පෙත්සමට අත්සන් ගැනීම එහිදී අරඹන බවත් අභිමානී කාන්තා සංවර්ධන පදනමේ සභාපතිනී ජාතික හෙළ උරුමයේ මාධ්‍ය කාරක සහික නිරෝෂා අතුකෝරළ මහත්මිය පවසන්නීය.
මෙයට අමතරව මෙම පෙත්සමට තවත් නගර ගණනාවකදී කාන්තාවන්ගේ අස්සන් ලබාගන්නා බව කී අතුකෝරල මහත්මිය අනතුරුව පා ගමනින් ගොස් එය ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බවද සඳහන් කළාය.
මේ රට සංවර්ධනය කළ හැකි මංපෙත් ඕනෑ තරම් තිබියදී දුරාචාර කි‍්‍රයාවලියකින් රට සංවර්ධනය කිරීමට සිතීම බෞද්ධ ශිෂ්ටාචාරයක් සහිත් රටකට නොගැළපෙන බවත් කෘෂිකර්මාන්තය ප්‍රධාන දේශීය කර්මාන්තවලින් මේ රට දියුණු කළ හැකි බවත් ඇය කීවාය.
සංවර්ධනයට දුරාචාරය ළඟාකර ගැනීම නිසා ඇමරිකාව ප්‍රධාන යුරෝපයට අත්වී තිබෙන ඛේදජනක ඉරණම අද ඇස්පනා පිටම ලෝකයට ඔප්පු වී ඇතැයි නිරෝෂා අතුකෝරාල මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
0 comments:
Post a Comment