ශ්රී ලංකාව තුල කැසිනෝ ව්‍යාපාරය නීත්‍යානුකූල බවත් ඒ සඳහා බලපත‍්‍ර නිකුත් කර ඇති බවත් රජයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ රජය කැසිනෝ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ දී රුපියල් මිලියන 100ක ගාස්තුවක් අය කරන බවයි.
හෙට අනිද්දාට මේ මාධ්‍ය ප්‍රකාශක තුමා විසින්ම කැබිනට් තීරණයක් ලෙස ශ්‍රී ලංකාව තුල ගණිකා වෘත්තිය නීත්‍යානුකූල බවද, නව ගණිකා මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සදහා රුපියල් මිලියන ගණනක ගාස්තුවක් අය කරන බවද දැනුම් දුන හොත් පුදුම වීමට දෙයක් නැත.
මේ සියල්ල රටට ආශ්චර්ය ගෙන ඒමට ගන්නා සංවර්ධන ක්‍රමෝපායයන් කියමින් හිත හදාගෙන ඒ ගැන රජුට ප්‍රශස්ති ගයමින් බලා සිටීම හැර කළ හැකි දෙයක් ජනතාවට නැති නිසාය.
Ponna huttek mu
ReplyDelete