-

-
  • home
Home » » නුගේගොඩ අවි ගබඩාව හිමි මුස්ලිම් ජාතිකයා බාරවේ.. බලපත‍්‍ර තිබෙනවාලූ

නුගේගොඩ අවි ගබඩාව හිමි මුස්ලිම් ජාතිකයා බාරවේ.. බලපත‍්‍ර තිබෙනවාලූ


පසුගිය නව වන දින මිරිහාන පොලීසිය විසින් නුගේගොඩ පරණ පාරේ නිවසක සඟවා තිබියදී සොයාගත් අවි ආයුධ තොගයේ හිමිකරු අධිකරණයට බාරවී ඇත.

අත්අඩංගුවට ගත් ආයුධ අතර වායු රයිෆල් 16ක්, ව්‍යාජ පිස්තෝල 56ක්, කඩු 242ක්, කිණිසි 95ක්, දුරදක්නයන් 11ක්ද විය.

මුස්ලිම් ජාතිකයෙකු වන එම නිවසේ හිමිකරු සහ විදේශීය කාන්තාවක වන බිරිඳ සිද්ධියෙන් පසු ප‍්‍රදේශයෙන් අතුරුදහන්ව සිට ඇති අතර ඊයේ දිනයේ මුසල්මානුවා පමණක් නීතීඥයෙකු මාර්ගයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇත.

අදාළ අවි ආයුධ සඳහා බලපත්‍ර ඇතැයි ඔහු අධිකරණයට දන්වා ඇති අතර ඒ පිළිබඳ කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත. කෙසේ වුවද මෙවන් ආකාරයේ විශාල අවි ගබඩාවක් පවත්වාගෙන යාමට බලපත්‍ර දුන්නේ කවුරැන්ද ? අවි ගබඩාවෙන් ඔහු කරන්නට සුදානමි වුයේ කුමක්ද ? යන්න වශාල ගැටලුවකි. විකිලික්ස් පවා ලංකාවේ ජිහාඩි කල්ලි ඇති බවට දන්වා සිටියදි මෙය සරල ලෙස ගැනීම කසේවත් අනුමත කළ නොහැකිය. 

0 comments:

Post a Comment