කැසිනෝ වලට ඇති වන සිංහල බෞද්ධ විරෝධතාවය දිය කර හැරීම වෙනුවෙන් බෙල්ලන්විල විමලරතන ඇතුළු භික්ෂු කණ්ඩායමකට පැවරී ඇති බවද පසුගියදා රවි විජේරත්නට අයත් මහරාජා පැලස් සුපිරි හෝටලේයේදී මෙම භික්ෂු කණ්ඩායම සමග රවි විජේරත්න මේ ගැන සාකච්ඡා කර ඇති බවද අපි මීට පෙර හෙළිදරව් කළෙමු. (රවි විජේරත්න යනු ජේම්ස් පැකර් සමග කැසිනෝ ව්‍යාපෘතිය ගෙන ඒමට සැලසුම් කරන අනෙක් කැසිනෝ ව්‍යාපාර හිමියාය.)
මෙකී භික්ෂු කණ්ඩායමට කැසිනෝ රැක ගැනීමේ කොන්තරාත්තුව වෙනුවෙන් ප්‍රසාද දීමනා මේ වන විටත් ගෙවා ඇති බව දැනගන්නට ලැබේ. දැන් උඩුවේ ධම්මාලෝක භික්ෂුවද නොනවත්වාම කැසිනෝ වෙනුවෙන් අඩන්නේ මේ කොන්ත්‍රාත්කරුවන්ගේ කණ්ඩායමේ ඔහුද සාමාජිකයෙකු වන නිසාද?. ඉතිරි කොන්ත්‍රාත් කරුවන්ද හෙට අනිද්දා වන විට එළි බසිනු ඇත.
චීවරයටද නිගා දෙවමින් ඕනෑම දහදුරා වැඩක් කරන්නට ලැජ්ජා නැතිව පෙරමුණ ගන්නා මෙවැනි චීවරධාරීන් පිටු දැකිය යුතුය. පිළිකුලෙන් බැහැර කළ යුතුය.
0 comments:
Post a Comment