-

-
  • home
Home » » ජාතිය ආගම පාවා දීමේ කොන්ත්‍රාත් භාර ගනු ලැබේ -

ජාතිය ආගම පාවා දීමේ කොන්ත්‍රාත් භාර ගනු ලැබේ -



චීවරය දරා සිටි පමණින් භික්ෂුවක් වෙන්නේ නැත. චීවරය දරාගෙන වංචාවන් කිරීම පාපයකි. එහෙත් චීවරයට මුවාවී ජාතියත් බුදු සසුනත් පාවාදීම තරම් පාපයක් වෙන නැත. එහෙව් පවුකාරයන්ගේ සැබෑ නිරුවත ලොවට හෙළි කිරීම බුද්ධ ශාසනයේ යහපතට හේතුවනු මිස අවැඩක් නොවේ.

බෙල්ලන්විල විමලරතන යනු චීවරයට මුවාවී ජාතියත් ආගමත් විකුණා මුදල් ගරන එබදු පවුකාරයෙකි. පසුගිය කාලයේ මොහු රුපියල් මිලියන 200ක මුදල් තොගයක් ගෝල්ඩන් කී බැංකුවේ තැන්පත් කොට මුදල් විශෝධනයට හසුවී රටින් පැනගොස් සිටියේය. භික්ෂුවකට රුපියල් මිලියන 200ක මුදලක් කොහෙන්ද?.  ඒ කතාවෙන් පටන්ගෙන ඔහු විසින් ජාතියත් ආගමත් විකුණූ සහ විකුණන අවස්ථාවන් කිහිපයක් ගැන ඔබ දැනුවත් කරමි.

1. මෙවැනි විශාල මුදල් තොගයක් තමන්ට ලැබුණු අන්දම බෙල්ලන්විල විමලරතන භික්ෂුව හෙළි කොට නැති නමුත් රහස් පොලිස් පරීක්ෂණ අනුව 2002 වසරේ නොර්වේ රජයෙන්ද බෙල්ලන්විල විමලරතන භික්ෂුවට විශාල මුදල් ප්‍රමාණයක් නිල නොවන අයුරින් ලබා දී තිබේ. ඒකීය නොවන ෆෙඩරල් ක්‍රමය ලංකාවේ ඇති කිරීමට නොර්වේ රජය උත්සහ දැරූ අතර එම ක්‍රමය සඳහා සිංහල බොදු ජනතාවගෙන් මතු විය හැකි විරෝධතා යටපත් කිරීමට සංඝ නායකයන් යොදා ගැනීමට නොර්වේ රජය විසින් සිදු කරන ලදී. ඒ අනුව 2002 වසරේ නොර්වේ රජය විසින් බෙල්ලන්විල විමලරතන භික්ෂුවට නොර්වේහි සංචාරයක් ලබා දුන්නේය. එම සංචාරයේදී විශාල විදේශීය මුදල් ප්‍රමාණයක් නොර්වේ රජය විසින් බෙල්ලන්විල විමලරතන භික්ෂුවට ලබා දී ඇත. එසේම බෙල්ලන්විල රජමහා විහාරය සතු මුදල් ද මහාභාරකාර දෙපාර්තමේන්තුවට පවා නොදන්නවා බෙල්ලන්විල විමලරතන භික්ෂුව විසින් තමන්ගේ පුද්ගලික ගිණුමක් යටතේ ලලිත් කොතලවලගේ කුප්‍රකට ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කරන ලදී. 

2. එසේම පසුගිය කාලය තුළදී හලාල් වලට නැගුණු බොදු විරෝධය මැඩ පවත්වා සර්වාගමික පූට්ටුව මගින් හලාල් රැක ගන්නට ඉදිරිපත් වුණු ප්‍රමුඛයා මොහුය. හලාල් රැකදීමේ කොන්ත්‍රාත්තුවට මොහු ජමියතුල් උලමාගෙන් ලබාගත් මුදල කොතරම්දැයි දන්නේ ඔවුන්ම පමණකි. එහෙත් එය සුළුපටු නොවන බව පසුගිය කාලයේදී ලන්ඩනයේ සුපිරි නිවසක් පවා මිලදී ගෙන තිබෙන ආරංචියෙන් පෙනී යයි.

3. දැන් කැසිනෝ වලට ඇතිවන සිංහල බෞද්ධ විරෝධතාවය දියකර හැරීම වෙනුවෙන් බෙල්ලන්විල විමලරතනට කොන්ත්‍රාත්තුව ලැබී තිබේ. මේ කොන්ත්‍රාත්තුවේ ගනුදෙනු පවා මේ වන විට සිදු කොට හමාර බව දැනගන්නට ලැබේ.

ජාතික සංවිධාන වල හිමිවරුන් ජාතිවාදීන් යැයි කියමින් විවේචනය කරන සිංහලයින් මෙවැන්නන් ගැන කියන්නේ කවරක්ද?. 

1 comments: