-

-
  • home
Home » » කුඩු කෙන්ටේනර් එක් ගෙනාවේ දුප්පතෙක් - වහාම උපරිම සහන දි නිදහස් කරන්න

කුඩු කෙන්ටේනර් එක් ගෙනාවේ දුප්පතෙක් - වහාම උපරිම සහන දි නිදහස් කරන්න



පසුගියදා රේගුව විසින් අත්අඩංගුවට ගැනුණු මෙතෙක් සොයාගත් විශාලතම කුඩු තොගය අඩංගු කුඩු කන්ටේනරය නිදහස් කරගන්නට තුන්වෙනි වතාවටත් අගමැති කාර්යාලයේ ලිපි ශීර්ශයෙන් ලිපියක් නිකුත් කොට තිබේ. 


පසුගිය අගෝස්‌තු 30 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය සහිත කන්ටේනරය සඳහා ගෙවිය යුතු ගුදම් ගාස්‌තු හා ප්‍රමාද ගාස්‌තු වෙනුවෙන් සහනයක්‌ දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශීර්ෂය සහිත (ලෙටර්හෙඩ්) ලිපියක්‌ මගින් අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

මෙම කන්ටේනරය මෙරටට ආනයනය කළ පුද්ගලයාගේ පළමු ආනයන භාණ්‌ඩ සහිත කන්ටේනරය මෙය බවත්, ඔහු ඉතා දුප්පත් පුද්ගලයකු බැවින් මේ කන්ටේනරය සඳහා දිය හැකි උපරිම සහන ලබාදෙන ලෙසත් අදාළ සම්බන්ධීකරණ නිලධාරියා එම ලිපිය මගින් වරාය අධිකාරියෙන් ඉල්ලා ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්කුඩු කන්ටේනරයක් නිදහස් කරගන්නට පිට පිටම තුන් වරක් ලිපි යවන්නට තරම් මේ රටේ අගමැති හා පුත්‍ර රත්නයම කිසිදු බියකින් පැකිලීමකින් තොරව කටයුතු කරන අයුරු පුදුම සහගතය. මොවුනට මෙසේ කටයුතු කරන්නට හැකියාව ලැබී ඇත්තේ නපුංසක විපක්ෂයක් හා කොදු නාරටි නැති ජනතාවක් මේ රටේ සිටීමේ කරුමය නිසාය. ඒ ගැන අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. අගමැතිගේ පුතා පසුගිය පලාත් සභා ඡන්දයේදී වැඩි මනාප සංඛ්‍යාවකින් දිනා තිබුණේ ඡන්දයට දින කිහිපයකට පෙර කුඩු කන්ටේනරය නිදහස් කරගන්නට කැපවී වැඩ කළ බව හෙලිවී තිබියදීමය.

සමහර විට විපක්ෂයට හෝ වෙනත් වාමාංශික පක්ෂ වලට මේ කතාව නොපෙනෙන්නේ මෙහි එක් කෙළවරක මුසල්මානු ජාවාරම් කරුවන් සිටින නිසා විය යුතුය. විපක්ෂය යන්තම් මුක්කුව ගසාගෙන සිටින්නේත්, සමාජවාදින් යැපෙන්නේත් මුසල්මානුවන්ට පින්සිදුවෙන්නට නිසා මේ ගැන කතා කිරීම ඔවුන්ට අකැප වෙන්නට ඇත. අගමැතිගේ පමණක් නොව කාගේ කාගේත් ඇත්ත තත්වය තේරුම් ගන්නට මේවා හොද පාඩම්ය. කරුමය නම් ඒ ටික තේරුම් ගන්නට තරමට මොලයක් ඇති ජනතාවක් නොසිටීමය.

0 comments:

Post a Comment