-

-
  • home
Home » » සොරි අනේ - වැරදීමකින් බෙල්ල කැපුවේ -

සොරි අනේ - වැරදීමකින් බෙල්ල කැපුවේ -


අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ඉරාකයේ කි‍්‍රයාත්මක ඉස්ලාමිය අන්තවාදී සංවිධානයක් වැරදි පුද්ගලයෙකු හිස ගසා මරා දැමිම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ප‍්‍රකාශයක් නිකුත් කර ඇත. එහි සදහන් වන ආකාරයට ගැටුමකින් පසු සතුරු පාර්ශවයේ සිටියවුන් අතර සිටි තුවාල කරුවන් හිස ගසා ඝාතනය කිරීමේ යෙදී සිටයදී වැරදීමකින් මිතුරු පාර්ශවයට අයත් පුද්ගලයෙකුද ඝාතනය වී තිබේ. මේ බව අන්තවාදීන්ටත් හදුනාගත හැකිව තිබෙන්නේ හිස ගසා දැමිමේ අවස්ථාවන් ඇතුළත් වීඩියෝව අන්තර්ජාලයට එක් කැරුණු පසුවය. අනතුරුව ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ඔවුන් එම පුද්ගලයා සම්බන්ධ සහෝදර අන්තවාදී සංවිධානයෙනුත් ඔහුගේ පවුලේ අයගෙනුත් සිදුවී ඇති වරද තේරුම් ගෙන තමන්ට සමාව දෙන ලෙස ඉල්ලා ඇති බව සදහන්ය.

1 comments:

  1. අන්න නියම මුසල්මානුවො නේද සත්‍ය බබෝ

    ReplyDelete