-

-
  • home
Home » » නින්දවුර් ගැටුමේ යටි අරමුණ STF නැගෙන හිරින් ඉවත් කරන්නද ?

නින්දවුර් ගැටුමේ යටි අරමුණ STF නැගෙන හිරින් ඉවත් කරන්නද ?



සමන්තුරේ නින්දවුර් ප්‍රෙද්ශයේ ඇතිවුණු / ඇති කළ කලබැගෑනියේ සැබෑ ස්වරූපය පැහැදිලි කරන්නට මේ වෙලාවය. නින්දවුර් උද්ගෝෂණයේ අරමුණ කුමක්ද ? නැගෙනහිර මුසල්මානුවන්ගේ ජිහාඩ් ත්‍රස්ත කල්ලි වලටත්, මුසල්මානුවන්ගේ විවිධ ජාවාරම් වලටත් තිබුණු ලොකුම බාධාව වූයේ විශේෂ කාර්ය බලකායයි. මේ හේතුවෙන් විශේෂ කාර්ය බලකාය පලාතෙන් ඉවත් කරගන්නට අදාල ජිහාඩ් හා වහාබි කල්ලි වලට දැඩි වුවමනාවක් තිබිණ. මෙකී මැර කල්ලි විශේෂ කාර්ය බලකායත් සමග සිටියේ දැඩි වෛරයකිනි. 

නින්දවුර් ප්‍රෙද්ශයේ අපරාධ විමර්ශනයකට ආ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට මෙම සන්නද්ධ කල්ලි විසින් පහර දෙන්නේ මේ සදහා වූ කුමන්ත්‍රණයේ මූලික පියවර හැටියටය. විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ගම්වාසීන් යැයි කියන පිරිසක් විසින් පහර දෙමින් ඔවුන් කලබැගෑනියක් ඇති කරන්නේ මෙම ආරක්ෂක අංශ නිලධාරීන් සොරකම් වලට සම්බන්ධ යැයි කියමිනි. එහෙත් මෙසේ පහර දුන්නේ ගම් වාසීන් විසින් යැයි කීම අතේ පත්තු වෙන කතාවක් වනුයේ පසුව ඇතිවූ උද්ගෝෂණයට සහභාගි වූ පිරිස දකිනා විටය.
පැය තිස් හයක් තිස්සේ සමන්තුරේ අක්කරපත්තු මාර්ගය වසා දමමින් උද්ගෝෂණය කරන්නට පන්දහසකට අධික පිරිසක් පැමිණුණේ එය පෙර සංවිධානය කොට තිබුණු කුමන්ත්‍රණයක් නිසා නොවේද?

එසේම මෙකී උද්ගෝෂණය මුස්ලිම් දේශපාලනඥයින් විසින් මෙහෙයවෙන බවට මේ වන විට පැහැදිලි සාක්ෂි සාධක ලැබී තිබේ. ඉන්පසුව ඔවුන් කියන්නේ කුමක්ද?. ප්‍රදේශයේ සොරකම් වලට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සම්බන්ධ බැවින් මෙම ප්‍රදේශ වලට ආරක්ෂක අංශ පැමිණෙන්නේ නම් මහ පල්ලියේ අවසරය ලබා ගත යුතු බවයි. (පාර්ලිමෙන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් විසින් මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලදී)  එනම් විශේෂ කාර්ය බලකාය මුස්ලිම් පාතාලයේ මෙහෙයවීමෙන් වැඩ කෙරෙන පල්ලියේ අවසරයකින් තොරව ප්‍රදේශයට ඇතුල් නොවිය යුතු බව නොවේද?

වෙනත් හැම තැනකදී මෙන්ම පක්ෂ විපක්ෂ මුසල්මානු දේශපාලනඥයින් මෙහිදීද මුසල්මානු කල්ලි වල අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිති. ඒ අනුව අද උදෑසන විට විශේෂ කාර්ය බලකායේ සෙබලුන් විසින් සොරකම් වලට සහය දැක්වූයේදැයි සොයන්නට විනය පරික්ෂණ අරඹා ඇති බව අසන්නට ලැබිණ. මෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ ආරක්ෂක අංශ වලට නැගෙනහිර පලාත තහනම් කලාපයක් වීමද?.

0 comments:

Post a Comment