-

-
  • home
Home » » STF ගුටි කෑවේ හොරකමේ ගිහින් - වාසුදේව

STF ගුටි කෑවේ හොරකමේ ගිහින් - වාසුදේව



නීලවනෙයි විශේෂ සේවා කාර්යය කදවුරට අයත් පිරිසක් විසින් අම්පාර සමන්තුරේ නින්දවූර් ප‍්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ මංකොල්ලකෑම් වලට සම්බන්ධ ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි වාසුදේව නානායක්කාර ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී ඇත.

මොහුගේ මේ ප්‍රකාශය මුළු ජාතියක් වශයෙන් එක්ව අප විසින් පිළිකුල් කළ යුතුය. අද අප මේ රටේ යුධ බියෙන් තොරව හුස්මක් ගන්නේ අප වෙනුවෙන් ජීවිතය කැප කළ අපේ රණ විරුවන්ට පින් සිදු වෙන්නටය.ෙ මතක ඇති කාලයක් තුළ මේ රට ගිනි ඇවිලවූ බෙදුම්වාදී ගිනිදැල් නිවාලූයේ ඔවුන්ය.

අද මෙසේ ගැරහුවත් මේ රජය බලයට ගෙන එන්නට මාකට් කළ තරමක් මාකට් කළේද ඔවුන් අපට ලබා දුන් ජයග්‍රහණයයි. රණ විරුවා යනු මේ වන විට ඡන්දයකදී ප්‍රචාරණයට උපයෝගී කරගන්නා සැරසිලි භාණ්ඩයක් පමණකි. අනෙක් හැම විටකදීම නොසැලකිල්ලට ලක්වෙන පාපිස්සක් මෙන් ඔවුන්ගේ වෘත්තිය පහලට ඇද දමා ඇත.

අප ඔවුන්ට කළගුණ සැලකිය යුත්තේ මෙසේද?. දැන්, මුසල්මානුවන්ට හා දමිල බෙදුම්වාදීන්ට විලි ලැජ්ජාවක් නොමැතිව ප්‍රශස්ති ගයන නිවට දේශපාලනඥයින් වෙතින් ගැරහුම් ලබන්නට ඔවුන්ට ඉඩ දී අප හට බලා සිටිය හැකිද?. අප එසේ බලා සිටිනවා නම් අප වැනි ගුණමකු ජාතියක් තවත් නැත. එබැවින් වාසුදේව නම් සුළු ජාතීන්ගේ රූකඩය විසින් අපගේ රණවිරුවන්ට කරන ලද මේ අපහාසයට අප ජාතියක් වශයෙන් විරෝධය පළ කළ යුතුය.

1 comments:

  1. තවත් මැරෙන්න ලං විචිච එකේක

    ReplyDelete